අතුරුදන්වූ තරුණියන් දෙදෙනා හමුවෙයි - කවුරුත් නොසිතූ දෙයක් වෙයි..හමුවු තැන මෙන්න..

Sri Lanka Police Missing Persons Kurunegala Matara Sri Lanka Police Investigation
By Sewvandhi Dec 25, 2023 10:54 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පසුගිය ඔක්තෝබර් මස අතුරුදන් වූ ගලගෙදර සහ මාවතගම ප්‍රදේශවල පදිංචිව සිට අතුරුදන් වූ වයස අවුරුදු 18ත් 19ත් අතරේ පසුවන තරුණියන් දෙදෙනෙකු මාතර ප්‍රදේශයේ රැඳී සිටියදී පොලීසිය විසින් සොයාගෙන තිබේ.

ඔවුන් දෙදෙනා පසුගිය ඔක්තෝබර් මාසයේදී සිය නිවෙස්වලින් අතුරුදන් වූ බවට වාර්තාවිය. පොලිස් ස්ථාන විසින්, ඒ අනුව ලද පැමිණිලිවලට අනුව තරුණියන් සොයා මෙහෙයුමක් ආරම්භ කළේය.

තොරතුරු අනාවරණය වී ඇත්තේ, අදාළ මෙහෙයුම අතරතුරදී ඔවුන් මාතර උයන්වත්ත ප්‍රදේශයේ කුලී කාමරයක නැවතී සිට වෙළෙඳසැලක සේවයේ නිරතවෙමින් සිටින බවටයි.

අතුරුදන්වූ තරුණියන් දෙදෙනා හමුවෙයි - කවුරුත් නොසිතූ දෙයක් වෙයි..හමුවු තැන මෙන්න.. | Galagedara And Mavathagama Missing Girls Found

ඒ අනුව අද (25)  මාතර පොලීසිය විසින් අදාළ තරුණියන් දෙදෙනා සිය භාරයට ගෙන ඇත.

ඉදිරියේදී අදාළ තරුණියන් දෙදෙනාගේ මව්පියන් මාතර පොලිස් ස්ථානය වෙත කැඳවා ඔවුන්ව භාරදීමට නියුඅමිතව ඇති බවයි, පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

ReeCha