මම ශරීරය ආවරණය කරගෙන ඇඳුමක් අන්දලා හිටියේ.. ඕනෑම තැන් ටික වහගෙන හිටියේ (PHOTOS)
මේ දවස්වල හැමෝම අතර කතාබහට ලක්වෙන සිනමාපටයක් තමයි ගාඩි කියන්නේ, ඉතින් මේ සිනමාපටයේ ප්‍රධාන චරිතයට පන පොවන ඩිනාරා පුංචිහේවා සමගයි අපි අද මේ කතා කරන්න සුදානම් වෙන්නේ, ඩිනාරා පුංචිහේවා කියන්නේ කවුද..?
කෙටියෙන්ම කියනවනම් ඩිනාරා කියන්නේ ජීවිතයට ආදරේ කරන සිනමාවට ආදරේ කරන ඒ වගේන අනිත් අයට උදවු කරන්න කැමති නිහතමානී චරිතයක්, මම ගැන ඉතින් මමම කියන එක හරි නෑ, මම කිවුවේ මට දැනෙන විදිය,” ඔබ ඉගන ගත්තේ කවුරු වෙන්න හිතාගෙනද..? ”
මම අධ්‍යාපනය හැදෑරුවේ කොළඹ කාන්තා විදුහලේ, පස්සේ උසස් අධ්‍යාපනය සඳහා එංගලන්තයේ ක්වීන් මේරී විශ්විවිද්‍යාලයට සමබන්ද වුනා, මම ඉගන ගත්තෙම රංගන ශිල්පිනියක් වෙන්න හිතාගෙන, මම පාසල් වේදිකාවේ නාට්‍යවලට පවා සම්බන්ද වෙලා තියෙනවා,
ඇත්තම කියනවනම් මම නිළියක් වෙන්න ගොඩක් හීන මැව්වා, උපාධියෙන් පස්සේ මම ඉන්දියාවේ වැඩමුළු කිහිපයකටම සම්බන්ද වුනා, ඊටපස්සේ තමයි වෙළඳ දැන්වීම් වගේම වේදිකා නාට්‍ය හරහා රංගනයට සම්බන්ද වුනේ” එතකොට කොහොමද ගාඩි සිනමාපටය සමග සම්බන්ද වෙන්නේ ”
මෙහෙමයි මට මුලින්ම නළු නිලියන් තෝරාගන්නා ඔඩිෂන් එකකට සම්බන්ද වුනා, ඊටපස්සේ මම ඒකෙන් තේරුනා, ඒ නිසා තමයි මට මේ ටිකිරි කියන චරිතයලැබුනේ, අද වගේ මතකයි මට ලැබුනේ අංක 365ඒ පරීක්ෂණයෙන් පසුව අධ්යක්ෂතුමා මාල කියන කෙටි චිත්‍රපටය දුටුවා. ඊට පස්සේ තමයි මට මේ ටිකිරි කියන චරිතය දුන්නේ.’ ඔබ රඟපෑ එක දර්ශනයක තිබ්බා උඩුකය පෙන්වන්න ඒක අභියෝගයක් නේද..?
‘මම මගේ උඩුකය මම පෙන්නුවේ නැහැ, මම ශරීරය ආවරණය කරගෙන ඇඳුමක් අන්දලා හිටියේ, මට ඒ දර්ශන බලද්දී හිතුනා අපේ කැමරා ශිල්පියා දක්ෂයෙක් කියලා මොකද ඒ දර්ශනය ලොකු අභියෝගයක් වුණා. අනික මම ඒ වගේ දර්ශන වලට රඟපාන්නේ නෑ, මම ඕනෑම තැන් ටික වහගෙන හිටියේ, වැරදියට හිතන අය ගැන මට මොකවත් කියන්න විදියක් නෑ, හැබැයි මම ඒ දේවල් වලට සමන්ද නෑ