සුබ ආරංචියක් - රජයෙන් ජනතාවට ඉන්ධන සහනාධාර

Report

ජාත්‍යන්තර වෙළඳපොළේ බොරතෙල් මිල පහත වැටීමට අනුකූලව ඉදිරියේදීත් රටේ ජනතාවට උපරිම අයුරින් ඉන්ධන සහන සලසා දීමට රජය කිසිසේත් පසුබට නොවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි.

එමෙන්ම මේ මාසය සඳහා ද රජය මඟින් පිරිනමනු ලබන ඉන්ධන සහනාධාරය අඛණ්ඩව ලබාදීමට පියවර ගන්නා බව හෙතෙම කියා සිටියේය.

අමාත්‍ය මණ්ඩල තීරණ ප්‍රකාශයට පත් කිරීම වෙනුවෙන් පැවැති නිල මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

වහාම ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු ඉහළට - නව අගයන් මෙන්න

වහාම ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු ඉහළට - නව අගයන් මෙන්න

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ලෝක වෙළඳපොළේ මිල ගණන් ඉහළ ගිය අවස්ථාවලදී පවා රජය ඉන් විශාල බරක් දරාගත් බවයි.

ඒ අනුව අප්‍රේල්, මැයි සහ ජුනි යන මාස ත්‍රිත්වය තුළ පමණක් ඉන්ධන සහනාධාර වෙනුවෙන් රජය රුපියල් බිලියන 57ක මුදලක් වැය කර ඇති අතර, මෙරටට තෙල් ගෙන්වන සමාගම්ද ඉන් යම් පිරිවැයක් දරාගෙන සිටි බව ඔහු පැවසීය.

සුනඛයින් ඇති කරන සියලුම දෙනාට විශේෂ නිවේදනයක් - රජයෙන් නව නීතියක්

සුනඛයින් ඇති කරන සියලුම දෙනාට විශේෂ නිවේදනයක් - රජයෙන් නව නීතියක්

වත්මන් තත්ත්වය යටතේ ජාත්‍යන්තර තෙල් මිල යම් මට්ටමකට අඩු වී ඇති බැවින්, එම වාසිය සෘජුවම ජනතාවට පැවරීම සඳහා මෙවර ඉන්ධන මිල සංශෝධනය කර මිල පහත දැමූ බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.