අත්හිටවූ ජල සැපයුම නැවත එන වෙලාව මෙන්න - කොළඹ ඇතුළු ප්රදේශ 28ක ජනතාවට දැනුම්දීමක්
කොළඹ සහ ඒ අවට ප්රදේශ කිහිපයකට ඊයේ (03) රාත්රී 8.00 සිට පැය 24ක කාලයකට ජල සැපයුම අත්හිටුවීමක් සිදු කර ඇත.
ඒ අනුව එම ප්රදේශ සඳහා නැවතත් ජල සැපයුම අද එනම් සිකුරාදා (04) රාත්රී 8.00ට නැවත යථා තත්ත්වයට පත්වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කර ඇත.
අඹතලේ ජල පවිත්රාගාරයේ අත්යවශ්ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ඊයේ (03) රාත්රී 8.00ට මෙම ජල කප්පාදුව නුගේගොඩ, කොහුවල, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන, මොරටුව, රාවතාවත්ත, සොයිසාපුර, අඟුලාන, ඉඳිබැද්ද, කටුබැද්ද, කල්දෙමුල්ල, මෝදර, කොරළවැල්ල, එගොඩඋයන සහ කටුකුරුන්ද යන ප්රදේශවලට සිදුවිය.
මීට අමතරව සෙත්සිරිපාය, හිඹුටාන, උඩුමුල්ල පාර, මාලිගාගොඩැල්ල, බැංකු හන්දිය පාර, ඩබ්ලිව්.ඒ. සිල්වා මාවත, හැව්ලොක් පාර, කල්යාණි පාර, කොළඹ 06, රෝහල් වටරවුම් පාර, ජයන්ති මාවත සහ ශාන්ති මාවත යන ප්රදේශවලටද මෙම ජල කප්පාදුව බලපා ඇත.
ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාව පිළිබඳව කණගාටුව පළකරන ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, අදාළ කාලසීමාව තුළ ජලය ඉතා අරපිරිමැස්මෙන් පරිභෝජනය කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.