සුනඛයින් ඇති කරන සියලුම දෙනාට විශේෂ නිවේදනයක් - රජයෙන් නව නීතියක්

Report

රට තුළ සුනඛ ගහනය පාලනය කරමින් ජලභීතිකා රෝගය මුළුමනින්ම තුරන් කිරීම සඳහා සකස් කරන ලද නව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

(476 වන අධිකාරය වූ) ජලභීතිකා රෝගය පිළිබඳ ආඥාපනත සහ (477 වන අධිකාරය වූ) සුනඛයින් ලියාපදිංචි කිරීමේ ආඥාපනත ඒකාබද්ධ කරමින් නව නීති සම්පාදනය කිරීම සඳහා මීට පෙර 2025 සැප්තැම්බර් මස 22 වැනිදා පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දී තිබුණි.

මෙම නව පනත මඟින් සුනඛයන් ලියාපදිංචි කිරීම නීත්‍යානුකූලව අනිවාර්ය කෙරෙන අතර, ජලභීතිකා එන්නත් ලබාදීමේ ක්‍රියාවලිය වඩාත් විධිමත් කරනු ඇත.

සුරේෂ් සලේ බෙල්ල මුලටම හිර වෙයි? සලේගේ දුරකථන හා ලැප්ටොප් මුරපද CIDයට - සියලු තොරතුරු එළියට

සුරේෂ් සලේ බෙල්ල මුලටම හිර වෙයි? සලේගේ දුරකථන හා ලැප්ටොප් මුරපද CIDයට - සියලු තොරතුරු එළියට

එමෙන්ම, මෙම කටයුතුවලට අදාළ වගකිව යුතු ආයතන සතු බලතල මෙන්ම ඒවා ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණයද මින් පැහැදිලිව ස්ථාපිත කෙරේ.

නීති කෙටුම්පත් සම්පාදකවරයා විසින් සකස් කරන ලද මෙම නව පනත් කෙටුම්පත සඳහා මේ වන විට නීතිපතිවරයාගේ අනුමැතිය ද හිමිව ඇත.

වහාම ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු ඉහළට - නව අගයන් මෙන්න

වහාම ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු ඉහළට - නව අගයන් මෙන්න

ඒ අනුව, අදාළ පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කිරීමටත්, ඉන් අනතුරුව නිල වශයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලය මෙලෙස අනුමැතිය ලබා දී තිබේ.