වෙන් වුනු බිරිඳගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යයේ පතුරලා - සැකකාර සැමියා පොලිස් දැලේ
ඊයේ (03) දින කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් ගිනිගත්හේන ප්‍රදේශයේදී සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අවුරුදු 36ක් වන ගිනිගත්හේන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර අපරාධ පරීක්ෂණ දෙපාත්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය මහනුවර උප ඒකකයට ලැබුණු පැමිණිල්ලක් මත ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.
දැනට සිදු කළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ සැකකරු පැමිණිලිකාරිය සමඟ විවාහවී සිට පසුව නීත්‍යානුකූලව වෙන්වී සිටියදී මෙම අපරාධය සිදුකර ඇති බවටයි.
පරිගණක අපරාධ විර්මශන අංශය මහනුවර උප ඒකකය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.