"අපි තනි පක්ෂ පාලනයකට යනවා නෙවෙයි යැවෙයි" - වරාය සමූපකාරය උදාහරණයට ගනිමින් මාලිමා මන්ත්‍රී කියූ දේ
ආණ්ඩුවක් විසින් ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන්නේ නම්, ජනතාවට වෙනත් දේශපාලන පක්ෂ අවශ්‍ය නොවන තත්ත්වයක් උදාවිය හැකි බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා පවසයි.
ඒ අනුව ඉදිරියේදී ශ්‍රී ලංකාව ද තනි පක්ෂ පාලනයක් කරා යොමු විය හැකි බවද ඒ මහතා සඳහන් කළේය.
“අපි තනි පක්ෂ පාලනයකට යන්න හදනවා ලු. 22න් කොහොමද තනි පක්ෂ පාලනයකට යන්නේ? (සිනාසෙයි) හතර බීරි කතාවක්නෙ. තනි පක්ෂ යනවා නෙවෙයි, යැවෙයි” යනුවෙන් ඔහු පැවසීය.
ලොව ඇතැම් රටවල ජනතාවගේ ගැටලු විසඳීම හේතුවෙන් එකම පක්ෂයක් දිගින් දිගටම බලයේ සිටින තත්ත්වයන් පවතින බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
එහිදී උදාහරණයක් ලෙස වරායේ සමූපකාර සමිතිය සඳහන් කළ මන්ත්‍රීවරයා, එහි මැතිවරණ සඳහා වෙනත් කණ්ඩායම් ඉදිරිපත් නොවන බවද පැවසීය.
“මිනිස්සුන්ගෙ ප්‍රශ්න විසඳුවාට පස්සෙ තව පක්ෂ ඕනෙ නැහැ. සමහරක් අය කියන්නෙ ලියලා තියාගන්න කියලා, මේකත් ලියලා තියාගන්න” යනුවෙන් ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ඔහු මේ බව පැවසුවේ ඊයේ (03) පැවති කරදියාන නව පාලමට මුල්ගල් තැබීමේ උත්සවය අමතමිනි.