එක්වරම ඉන්ධනහලක් සීල් කරයි. - පෙට්‍රල්වල භූම්තෙල්ලු.

Report

ඉන්ධන පිරවුම් හලක පෙට්‍රල් බෙදා හරින ටැංකියට මුද්‍රා තබා ඇති බව වාර්තා වී තිබෙනවා.

කල්පිටිය විවිධ සේවා සමූපකාර සමිතිය මගින් පාලනය වන ඉන්ධන පිරවුම්හලකටයි මෙසේ මුද්‍රා තබා ඇති බව සඳහන්.

ඒ, අදාල ඉන්ධන හලේ පෙට්‍රල් සමඟ භූම්තෙල් මිශ්‍ර වී ඇතැයි ලැබුණු පැමිණිලි හේතුවෙන්.

මේ අනූව එම ඉන්ධන හලේ පෙට්‍රල් ටැංකියට දින තුනක සිට මුද්‍රා තබා ඇති අතර ඛනිජ තෙල් නීති ගත සංස්ථාවේ වයඹ පළාත් කාර්‍යාලය විසින් මෙලෙස මුද්‍රා තබා ඇත.

එමෙන්ම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වයඹ පළාත් කාර්යාලය මගින් ඉන්ධන සාම්පලයක් වැඩි දුර පරීක්ෂණ සඳහා රැගෙන ගොස් තිබෙනවා.