යළි ඉන්ධන ප්‍රශ්ණයක් මතුවෙයි..ඉන්ධන නැතිවීමෙන් ජීවිත අවධානම් තත්ත්වයක්..

Kalutara Ministry of Health Sri Lanka Sri Lanka Fuel Crisis Petrol diesel price
By Aruna Dec 12, 2022 05:58 AM GMT
Aruna

Aruna

Report

කළුතර දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය රෝහල ගිලන් රථ වලට අවශ්‍ය ඉන්ධන නොමැති වීම මත සෞඛ්‍ය පද්ධතිය පවත්වාගෙන යාම දැඩි ගැටළුවක් බවට පත්ව ඇත.

මේ හේතුවෙන් ඇතැම් රෝගීන්ගේ ජීවිත පවා දැඩි අවදානම් තත්ත්වයට පත්ව තිබේ.

විශේෂ පරීක්ෂණ වලට වෙනත් රෝහල් කරා යොමු කිරීමට නියමිත අසාධ්‍ය තත්ත්වයේ පසු වන රෝගීන් ගිලන්රථ වලින් ගෙන යාමට මෙනිසා බාධා එල්ල වී තිබේ.

එමෙන්ම විදුලිය විසන්ධි වූ අවස්ථාවලදී විදුලි ජනන යන්ත‍්‍ර සඳහා අවශ්‍ය ඉන්ධන ද නොමැති වීමෙන් ඉදිරියේදී රෝහල් අඳුරේ පැවතීමේ අවදානමක් ඇතිවිය හැකි බවද සේවක සෞඛ්‍ය සේවකයන් කියා සිටිති.

කළුතර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කරන්නේ මෙවන් ගැටලුවක් නිර්මාණය වී ඇති බවත් ඒ පිළිබඳව දැනටමත් අදාළ සියලූ අංශ දැනුවත් කර ඇති නිසා වසර අවසානයට පෙර ගැටළු විසදෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත්ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


ReeCha