ඉන්ධන මිල අඩු කිරීම ගැන රටටම සුභ ආරංචියක්..අදින් පෙට්‍රල් ප්‍රශ්නයත් විසදෙයි..
ඛනිජ තෙල් සේවකයින්ගේ වර්ජනය හේතුවෙන් බලපෑමක් එල්ල වූ ඉන්ධන ප්‍රවාහනය කිරීමේ කටයුතු මේ වනවිට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්ව ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා.
මේ වනවිට දිවයිනේ කිසිදු පිරවුම්හලක ඉන්ධන හිඟයක් නොමැති බව සඳහන් කළ එහි සම ලේකම් කපිල නාඔටුන්න කියා සිටියේ ඇතැම් ප්‍රදේශවල පවතින ඔක්ටේන් 95 වර්ගයේ පෙට්රල් හිඟය ද අද (31) දිනය වනවිට මග හැරී යනු ඇති බවයි.
මේ අතර, වර්ජනයේ නිරත වූ ඛනිජ තෙල් වෘත්තීය සමිති නායකයින් ඇතුළු 20 දෙනෙකු අනිවාර්ය නිවාඩු යැවීමේ තීරණයට එරෙහිව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව ඊයේ (30) පස්වරුවේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.
මේ අතර, ඉන්ධන මිල ගණන් පහත දැමීමට රජය ක්‍රියා කිරීමත් සමඟ ත්‍රීරෝද රථ හිමියන් බහුතරයක් සවිකර ඇති මීටර්වල ගාස්තු අඩු කිරීමට පියවර ගෙන ඇතත්, ඇතැමුන් එලෙස ගාස්තුව අඩු කිරීමට පියවර ගෙන නොමැති බවයි වාර්තා වුණේ.
ඇතමුන් ඊයේ (30) දිනයේ දී මීටර් නඩත්තු කරන සහ සවිකරන ආයතන වෙත එලෙස ගාස්තු අඩු සංශෝධනය කිරීමට කටයුතු කළා.
මේ අතර, ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ආනයන අපනයන බහාළුම් ප්‍රවාහන ගාස්තුව 8% කින් අඩු කිරීමට කටයුතු කරන බවයි සමස්ත ලංකා බහාළුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති ශාන්ත මංජුල මහතා කියා සිටියේ.
මේ අතර දකුණු ආසියාවේ අඩුම ඩීසල් මිල ලංකාවේ වන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතා පවසනවා.
අනෙක් රටවලට සාපේක්ෂව මෙරට ඩීසල් මිල පහතින් දැක්වෙයි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |

