අද රට පුරා ඉන්ධන මිල අඩුකරයි?...ඉන්ධන කෝටාවත් වැඩි කෙරේ.

Fuel Price In Sri Lanka Sri Lanka Kanchana Wijesekera Sri Lanka Fuel Crisis National Fuel Pass
By Aruna Oct 31, 2022 11:17 PM GMT
Aruna

Aruna

Report
135 Shares

ත්‍රිරෝද රථ සඳහා ඉන්ධන කෝටාව ලීටර් 10ක් දක්වා ඉහළ දැමීමට අදාළව මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ ලියාපදිංචි විය යුතු ආකාරය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මෙම වැඩසටහන ප්‍රථමයෙන් බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කෙරේ.

අනතුරුව එය අනෙක් පළාත් තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව බස්නාහිර පළාතේ ත්‍රිරෝද රථ රියදුරන් මීට අදාළ වෙබ් අඩවියට ( https:// Wptaxi.lk ) පිවිසීමෙන් හෙට සිට ලියාපදිංචි විය යුතු බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කළේය.

මේ අතර ඉන්ධන මිල සූත්‍රයට අනුව සෑම මසකම 01 වැනි දින සහ එම මාසයේ 15 වන දින සංශෝධනය කිරීමට නියමිතව ඇති අතර, ඒ අනුව අද දිනයේ එම සංශෝධනය සිදුකිරීමට නියමිතව තිබෙනවා.

මේ හේතුවෙන් ඇතැම් ඉන්ධන පිරවුම්හල්වල මේ දින වල ඉන්ධන හිගයක් ද ඇතිවී තිබෙන බවයි වාර්තා වන්නේ.

ඊට හේතු වී ඇත්තේ ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රීයේ අඩු වේ යැයි බලාපොරොත්තුවෙන් ඉන්ධන පිරවුම්හල් හිමියන් ඉන්ධන ඇණවුම් කිරීම ප්‍රමාද කිරීමයි.

කෙසේවෙතත් ඉන්ධන මිලෙහි අඩුවීමක් සිදු වේ යැයි පාරිභෝගික ජනතාව දැඩි අපේක්ෂාවෙන් සිටී.

මේ අතර පසුගියදා ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 40කින් සහ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් අඩු කරනු ලැබුවා.

ඒ අනුව මේ වන විටත් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 370 කි.

ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 415 කි.

කෙසේවෙතත් පසුගියදා අනෙකුත් ඛනිජ තෙල් නිෂ්පාදනවල මිල ගණන්හි වෙනසක් සිදුවූයේ නැහැ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now