ස්පා එකට පැනලා කාන්තාවන් තිදෙනෙක් දූෂණය කර පනින්න හැදූ පී.සී. උඩ තට්ටුවෙන් වැටී මාට්ටු
Sri Lanka Police
Sexual harassment
Law and Order
Latest Headlines
Sinhala news
By Kaushi
බොරැල්ල සම්බාහන ආයතනයකට බලහත්කාරයෙන් ඇතුළු වී කළමනාකරු සහ එහි සේවය කරන කාන්තාවන් සිව් දෙනකු බිය ගන්වා කාන්තාවන් තිදෙනකු දූෂණයට ලක්කර පලායමින් සිටි කොස්තාපල්වරුන් දෙදෙනාගෙන් එක් අයෙකු ඉහළ මහලින් ඇද වැටී තුවාල ලබා සිටියදී අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය ප්‍රකාශ කරයි.
ඒ අනුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් විශේෂ කාර්යාංශ මූලස්ථානයේ සේවය කරන කොස්තාපල්වරයෙක් බව සඳහන්.
එමෙන්ම අත්අඩංගුවට පත් සැකකාර කොස්තාපල්වරයා පොලිස් ආරක්ෂාව යටතේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය වාර්තා කරයි.
වාර්තා වූ ලෙස මෙසේ පලා ගොස් ඇත්තේ පොලිස් සේවයෙන් ඉවත් කර ඇති කොස්තාපල්වරයෙක්.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය සහ කොළඹ දකුණ අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ පවත්වන බව සඳහන්.