ඉන්ධන සම්බන්ධයෙන් හෙට වෙන දේ මෙන්න..මිලත් ඉහළ යයි?..

Report

පෙට්‍රල් සහ බොරතෙල් මෙට්‍රික්ටොන් 40000 ක් ලබන සදුදා (9) ගොඩබෑමට නියමිත බවත් ඔටෝ ඩීසල් මෙට්‍රික්ටොන් 4000 ක් සහ ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික්ටොන් 2500 ක් සාමාන්‍යයෙන් මේ වන විට සපයන බවත් බලශක්ති අමාත්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා ප්‍රකාශ කරනවා.

නොරොච්චෝලේ බලාගාරය යථා තත්ත්වයට පත් කරන තෙක් විදුලිබල නිෂ්පාදනය සඳහා ද ඉන්ධන නිකුත් කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර IOC ඉන්ධන මිල වැඩි කිරීමක් සම්බන්ධයෙන් පැතිර යන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත්, IOC හෝ Ceypetco හි මිල වැඩිවීමක් සිදු නොවන බව, අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා.

ජනතාව නොමග යවන අයුරින් අසත්‍ය පුවත් පළකර බෙදාහරින පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි අමාත්‍යවරයා ටිවීටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා ඇත්තේ.

එම පණිවුඩය පහතින් බලන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery