ඉන්ධන මිල ඉහළ දැමීම ගැන රජය ගත් තීරණය මෙන්න.

Sri Lanka Udaya gammanpila Fuel prices
By Aruna Oct 17, 2021 06:25 AM GMT
Aruna

Aruna

Report

තෙල් බැරලයක මිල සියයට 3.5 කින් ද ඉහළට මහා භාණ්ඩාගාරයෙන් සහනයක් ලබා නොදුන්න ද ඉන්ධන මිල ඉහළ නොදමා දැනට පවතින මිලටම පවත්වා ගෙන යාමට බලාපොරොත්තු වන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල සඳහන් කරනවා.

ලෝක වෙළඳපොළේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේ වනවිට ඇමරිකානු ඩොලර් 85 දක්වා වසර තුනකින් ඉහළම අගයට පැමිණ තිබෙනවා.

ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිලද ඩොලර් 82.28 දක්වා ඉහළ ගියා.

ඒ අනුව ගතවූ සතිය තුළ පමණක් බ්‍රෙන්ට් වර්ගයේ තෙල් බැරලයක් සියයට 3 කින්ද, ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිල සියයට 3.5 කින් ද ඉහළ ගොස් තිබෙනවා.

කොරෝනා වසංගතයේ අවදානම අඩුවීමත් සමඟ නිෂ්පාදන කටයුතු ඉහළ යාම මෙලෙස තෙල් මිල ඉහළ යාමට ප්‍රධාන හේතුවක්.

බලශක්ති උත්පාදනය සඳහා ස්වභාවික වායු සහ ගල් අඟුරු යොදාගැනීම මිල අධිකවීම හේතුවෙන් දැවි තෙල් සහ ඩීසල් වෙත යොමුවීම ද ඉන්ධන මිල ඉහළ යාමට බලපා තිබෙනවා.

ඔපෙක් සංවිධානය ඇතුලු තෙල් නිපදවන කරන රටවල් නිෂ්පාදනය කප්පාදු කිරීම හේතුවෙන් තත්වය තවදුරටත් උත්සන්න වී ඇති බව සඳහන්.

කෙසේ නමුත් මේ වනවිට පාරිභෝගික භාණ්ඩවල මිල කැපී පෙනෙන ලෙස ඉහළ යාම හේතුවෙන් ඉන්ධන මිලත් වැඩි වුවහොත් ජනතාව තවත් අසීරු තත්ත්වයකට පත්වන බවයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල වැඩිදුරටත් කියා සිටියේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now