රටම බලා සිටි සුබ ආරංචිය මෙන්න - ඉන්ධන මිල අඩු කිරීම සම්බන්ධයෙන් රජයෙන් ප්‍රකාශයක්
පවතින ආර්ථික හා ගෝලීය තත්ත්වයන් කළමනාකරණය කර ගනිමින් රජය කටයුතු කරමින් සිටින බැවින්, ඉන්ධන මිල පහළ හෙළා ජනතාවට සහන ලබාදිය හැකි පළමු අවස්ථාවේදීම එම සහන ලබාදීමට කටයුතු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
මාලිමාවටම වැඩ වරදී - මාලිමාවෙන් පාර්ලිමේන්තුවට ආපු මන්ත්‍රීවරු 159ටම එරෙහිව කොමිසමට පැමිණිල්ලක් - හේතුව මෙන්න
භූමිතෙල්, පෙට්‍රල් සහ ඩීසල් ඇතුළු සියලුම ඉන්ධන වර්ගවල මිල ගණන් එකවර පහළ දැමීමේ හැකියාවක් නැතත්, එළඹෙන මාසයේදී ඉන්ධන මිල තවදුරටත් සංශෝධනය කරමින් පහළ දැමීම සම්බන්ධයෙන් පරීක්ෂා කර බැලිය හැකි බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
මැදපෙරදිග කලාපයේ පවතින අර්බුදකාරී යුදමය තත්ත්වය හේතුවෙන් ලොව පුරා භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉහළ ගොස් ඇති බවත්, නැව් ගාස්තු ඉහළ යාම සහ ඇණවුම් අවලංගු වීම වැනි ජාත්‍යන්තර බලපෑම් ද ඉන්ධන මිල කෙරෙහි සෘජුව බලපා ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
එමෙන්ම, QR කේත ක්‍රමවේදය භාවිත කරමින් ඉන්ධන ලබාදීමේ වැඩපිළිවෙළ ඉදිරියටත් අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් තහවුරු කළේය.