05 වන දිනයටත් තෙල් මිල ඉහළ යයි - ඒ අනුව නව මිල සටහන් වූයේ මෙහෙමයි..
Fuel Price In World
By krishani
අද (13) වන විට අඛණ්ඩව පස්වන දිනටත් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඩොලර් 90 සීමාව ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
මේ වනවිට ඩොලර් 92 ඉක්මවා බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් සටහන් වූ අතර එය පසුගිය 7 වන දා සටහන් වූයේ ඩොලර් 89ක් ලෙසයි.
මේ අතර එය පසුගිය වසරේ නොවැම්බර් 4 වනදායින් පසුව වාර්තා වන ඉහළම බොරතෙල් මිල වේ.
එමෙන්ම මේ වන විට ඇමෙරිකානු WTI බොරතෙල් බැරලයක මිල ද ඩොලර් 89 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
කෙසේ වෙතත්, මෙම මිල ඉහළ යාම සිදුව ඇත්තේ සෞදි අරාබිය සහ රුසියාව තම ඉන්ධන සැපයුම කප්පාදු කිරීම් මේ වසර අවසානය දක්වා දීර්ඝ කරන බව පැවසීමත් සමගයි.
