සුබ ආරංචියක් - රජය ඉන්ධන සම්බන්ධයෙන් තවත් විශේෂ තීරණයක් ගනී

Report

 ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශය සතුව දැනට ධාවන තත්ත්වයේ පවතින වාහන සංඛ්‍යාව 92,000කට ආසන්න වේ.

මෙම දැවැන්ත වාහන පද්ධතිය නඩත්තු කිරීම සහ ඒ සඳහා අවශ්‍ය ඉන්ධන සැපයීම වෙනුවෙන් රජය වාර්ෂිකව අතිවිශාල මුදලක් වැය කිරීමට සිදුවේ.

ඒ අනුව පවතින ආර්ථික අභියෝග හමුවේ රාජ්‍ය වියදම් අවම කරගැනීම සඳහා මෙම වාහන පද්ධතිය තුළ ඉන්ධන පිරිමැසුම්දායක ක්‍රමවේදයක් හඳුන්වා දීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව එක් වාහනයකින් දිනකට ඉන්ධන ලීටරයක් ඉතිරි කර ගතහොත් සියඵම වාහනවලින් දිනකට ඉන්ධන ලීටර් 92,000ක් පමණ ඉතිරි කරගත හැකියි. එමගින් මාසිකව ඉන්ධන ලීටර් 9,200,000 සහ වාර්ෂිකව ඉන්ධන ලීටර් මිලියන 110ක් පමණ ඉතිරි කර ගත හැකියි.

එමඟින් රජයට සහ සමස්ත රටට ඉතිරි කරගත හැකි විදේශ විනිමය ප්‍රමාණය සහ ඉන්ධන ප්‍රමාණය  ඉතා ඉහළ අගයක් ගනී.

සතියක් තුළ මෙරට රන් මිල රු 38,000කින් පහළට

සතියක් තුළ මෙරට රන් මිල රු 38,000කින් පහළට

මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා හුදෙක් තාක්ෂණික විසඳුම්වලට වඩා ප්‍රායෝගික වැඩපිළිවෙළක් අවශ්‍ය වේ. ඒ යටතේ රාජ්‍ය ආයතනවල ඉහළ නිලධාරීන්ගේ සිට රියදුරු මහතුන් දක්වා වූ සමස්ත කාර්ය මණ්ඩලය මෙම ජාතික කර්තව්‍යය සඳහා දැනුවත් කිරීම සහ දිරිමත් කිරීම අත්‍යවශ්‍ය වේ.

පවතින තත්ත්වය මත රජය ගත් මෙම තීරණයට ප්‍රසංශා කළ යුතු වේ.

රිච්ටර් මාපකයේ ඒකක 7.6 ක ප්‍රබල භූමිකම්පාවක්

රිච්ටර් මාපකයේ ඒකක 7.6 ක ප්‍රබල භූමිකම්පාවක්