QR වලින් හොරෙන් ඉන්ධන ගන්න ජාවාරමක් මාට්ටු වෙලා..

Fuel Price In Sri Lanka Sri Lanka Kanchana Wijesekera Sri Lanka Fuel Crisis National Fuel Pass
By krishani Jun 04, 2023 01:48 AM GMT
krishani

krishani

Report

වෙනත් පුද්ගලයින්ගේ QR කේත ලබාගෙන ඉන්ධන ලබාගැනීමේ ජවාරමක් ක්‍රියාත්මක වෙමින් පවතින බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය සඳහන් කළේ ය.

එම නීතිවිරෝධී ක්‍රියාව සිදුකිරීමට සහාය නොවන ලෙස ඉන්ධන පිරවුම්හල්හිමියන්ගෙන් ඉල්ලා සිටින බව එම සංගමයේ සභාපති කුමාර් රාජපක්ෂ මහතා සඳහන් කළේ ය.

මේ අතර ඊයේ (03) දිනයේ මෙන්ම අද දිනයේ ද ඉන්ධන බෙදාහැරීම් කටයුතු අඛණ්ඩව සිදුකරන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සහ ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය බලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇත.

එමෙන්ම අතිකාල ගෙවීම් සීමා කිරීමේ තීරණයත් සමග ගත වූ මාස 04 තුළ ඉරිදා දිනවල සහ රජයේ නිවාඩු දිනවල ඉන්ධන නිකුත් කිරීම සිදු කෙරිණ.

කෙසේවෙතත්, ඉන්ධනහල් ආශ්‍රිතව නිර්මාණය වී ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් සියලුම ඉන්ධනහල් වෙත හිඟයකින් තොරව ප්‍රමාණවත් ඉන්ධන තොග සැපයීම සඳහා ඊයේ සහ අද යන දෙදින තුළ ද ඉන්ධන බෙදාහැරීම් සිදුකරන ලෙස අමාත්‍යවරයා දැනුම් දී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join