ඉන්ධන ප්‍රශ්නය විසඳන්න අලුත්ම ක්‍රමයක්...ඉදිරියේදී වෙනදේ මෙන්න..

Fuel Price In Sri Lanka Ceylon Petroleum Corporation Sri Lanka Kanchana Wijesekera Lanka IOC
By Aruna Jun 28, 2022 05:29 AM GMT
Aruna

Aruna

Report

තෙල් නිෂ්පාදනය කරන රටවල්වල පිහිටි සමාගම්වලට මෙරටට ඉන්ධන ආනයනය කිරීමට සහ අලෙවි කිරීම සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවට අනුමැතිය හිමිවූ බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා සඳහන් කර සිටිනවා.

මෙලෙස සේවා සැපයීමට ඉදිරිපත් වන සමාගම් තෝරාගනු ලබන්නේ ඉන්ධන ආනයනය කිරීමේ හැකියාව මත සහ අදාළමෙහෙයුම්වල පළමු මාස කිහිපය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ බැංකු වෙතින් විදේශ විනිමය ලබා නොගෙන ක්‍රියා කිරීමේ හැකියාව පවතින්නේ නම් පමණක් බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

අදාළ සමාගම් සඳහා සේවා ගාස්තුවකට යටත්ව ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් ඉන්ධන තොග ගබඩා කිරීම, බෙදා හැරීම සඳහා ඇතුළු මුලික යටිතල පහසුකම් සැපයීමේ කර්තව්‍යයට දායක වන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

සිපෙට්කෝ සමාගම සතුව දැනට පවතින ඉන්ධන පිරවුම්හල් 1190 සහ නව අලෙවිසැල් LIOC සමාගම සහ තෝරාගත් නව සමාගම් සඳහා ලබා දෙනු ලබන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටින්නේ.

එසේ වුවද සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් පවත්වාගෙන යන බවයි බලශක්ති අමාත්‍යවරයා කියා සිටියේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now