ඉන්ධන බාන්න ඉඩ නැතිවෙයි...එකදිගට ලංකාවට නැව් එයි..

Report

අද වන විට රට තුළ උවමනා තරම් පෙට‍්‍රල් සහ ඩීසල් තොග ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරනවා.

මේ මොහොත වන විටත් ඩීසල් හා පෙට්‍රල් ගොඩබාමින් ඇති බවත් තවත් මුදල් ගෙවන ලද නැවක් මුහුදේ නවතා ඇති බවත් ඒ ගොඩබාන ඉඩක් නැති නිසා බවත් හෙතෙම පැවසීය.

එනිසා ජනතාව පෙට්රල් හෝ ඩීසල් පිළිබඳව කිසිදු බියක් තබාගත යුතු නැතැයිද හෙතෙම කියා සිටියේය.

ඉදිරි දින දහය තුළ තවත් ඉන්ධන නෞකා 3ක් මෙරටට ලැබෙන බවද ඒ මහතා පැවසීය.

බලශක්ති අමාත්‍යාංශයේ දී මාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now