ඉන්ධන පෝලිමේදී තවත් සංවේදී සිදුවීමක් වාර්තා වෙයි.

Sri Lanka Accident
By Aruna Jul 05, 2022 07:11 AM GMT
Aruna

Aruna

Report

නවතා තිබූ මෝටර් රථයක පුද්ගලයෙක් මියයයි ඉන්ධන පිරවුම්හලක පෝලිමක රැඳී සිටි තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

මෙලෙස අවසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඉන්ධන පෝලිමේ බොරැල්ල ටිකල් පාරේ නවතා තිබූ මෝටර් රථයක සිටි පුද්ගලයෙකි.

මේ අතර උද්ගතව ඇති යම් යම් ගැටලු හේතුවෙන් ඉන්ධන බෙදාහැරීම සඳහා තවදුරටත් ටෝකන් ක්‍රමය භාවිත නොකරන ලෙස තම පිරවුම්හල් වෙත උපදෙස් ලබාදී ඇති බවයි.

කෙසේ වෙතත් ඊයේ (4) දිනයේදී ලබාදී තිබූ ​ටෝකන් සඳහා IOC පිරවුම්හල් වෙතින් ඉන්ධන නිකුත් කෙරෙනු දැකගත හැකි විය.

පෙරේදා (3 වැනිදා) විශේෂ ජනමාධ්‍ය හමුවක් පවත්වමින් විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර සඳහන් කරන ලද්​දේ ඉන්ධන නිකුත් කිරීම සඳහා ටෝකන් ක්‍රමයක් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට ඛනිජ තෙල් සංස්ථාව පිරවුම්හල්වලට උපදෙස් ලබාදී නැති බවය.

පසුගිය ජුනි 24 සහ 25 වැනි දිනවලදී ඇතිවූ ඉන්ධන පෝලිම් සම්බන්ධ අර්බුදය නිරාකරණය කිරීම සඳහා එම දින දෙකට අදාළව පමණක් තාවකාලිකව ටෝකන් ක්‍රමයක් හඳුන්වා දුන් බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

එහෙත් ඉන් අනතුරුව දිවයින පුරා සියලුම ඉන්ධනහල් ඔස්සේ ඉන්ධන බෙදාහැරීම සිදුකෙරුණේ ටෝකන් ක්‍රමයට අනුකූලවය.

එම ටෝකන් ක්‍රමය ක්‍රියාත්මක කරන ලද්දේ ඉන්ධන පිරවුම්හල්වල ආරක්ෂාවට යොදවා සිටි හමුදා සාමාජිකයන් විසිනි.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now