මාර්ග තදබදය අවම කිරිමට ඉන්ධන පෝලිමකට සිදුකළ දේ..

Sri Lanka Fuel Crisis National Fuel Pass
By krishani Jul 30, 2022 04:53 AM GMT
krishani

krishani

Report

ගොතටුව ඉන්ධන පිරවුම්හලට පැමිණෙන සියලුම වාහන එක් පෝලිමකට යොමුකර ඉන්ධන ලබාදීමට ගොතටුව පොලීසිය කටයුතු කර තිබේ.

ඒ පිරවුම්හල දෙපස මාර්ගයේ ඇතිවන තදබදය වැළැක්වීම සදහා ය.

මේ අතර ජාතික ඉන්ධන අවසර පත හෙවත් QR ක්‍රමවේදය සඳහා ඊයේ(29) පස්වරුව වන විට ලියාපදිංචි වූ වාහන ගණන මිලියන 4.6 කි.

ඒ මෝටර් රථ 625,932ක්, වෑන් රථ 231,553ක්, ත්‍රිරෝද රථ 816,268ක්, ලොරි රථ 200,969ක්, බස්රථ 31,089ක්, යතුරුපැදි 2,671,238ක් සහ ඉඩම් වාහන 6,106ක් වශයෙනි.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join

ReeCha