ඉන්ධන ගෑස් ඉක්මනින් ලැබෙයිද.. ? විශේෂ ඉල්ලීම් දහස් ගණනක්..

By Sithumi Jul 02, 2022 10:55 AM GMT
Sithumi

Sithumi

Report

ජනතාව ඇතුළු විවිධ පාර්ශවවලින් ඉන්ධන, ගෑස් ඉල්ලා දුරකතන ඇමතුම් සිය ගණනක් දෛනිකව ලැබීම හේතුවෙන් මැති ඇමැතිවරුන් සහ ඔවුන්ගේ ඥාතීන් බොහෝ පිරිසක් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බව වාර්තා වේ.

මේ හේතුවෙන් බොහෝ මන්ත්‍රීවරුන් මහජන හමුවලට සහභාගීවීමද තාවකාලිකව නවත්වා ඇතැයි දැනගන්නට ඇත. සමහර පුද්ගලයන් සිය නිවෙස්වලට පවා පැමිණ ඉන්ධන ඉල්ලා කලබල කරන බවත් තවත් සමහරුන් ඉන්ධන පිරවුම්හල්වලට කතාකර ඉන්ධන ඉන්ධන ලබා ගැනීමට උදව් කරන්නැයි ඉල්ලා සිටින බවත් මැති ඇමැතිවරු පිරිසක් ලංකාදීපයට පැවසූහ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවේ ඇමැතිවරුන්ගෙන් මෙයට පෙර ඉල්ලා සිටියේ රැකියාවක් උසස් වීමක් හෝ මාරුවීමක් වුවත් දැන් ඉල්ලා සිටින්නේ තෙල් ලීටර් දහයක් හෝ පහළොවක් බවයි. මෙය විශාල කරදරකාරී තත්වයක්වී ඇතැයිද ඔහු සඳහන් කළේය.

මේ අතර ඉන්ධන ප්‍රශ්නය හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් මේ දිනවල දුම්රිය හා පොදු මගී බස් රථ යොදා ගන්නා බව වාර්තා වේ. ඈත දුර බැහැර ප්‍රදේශවල මන්ත්‍රීවරුන්ට ඉන්ධන හිඟය සහ කොළඹට පැමිණීම සඳහා අවශ්‍ය ඉන්ධන වෙනුවෙන් ලොකු මුදලක් වැය කිරීමට සිදුවීම හේතුවෙන් පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීම විශාල අභියෝගයක්වී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය .