ඉන්ධන වර්ග 03ක් භාවිතා කරමින් කරපු දෙයක්..විදුලියටත් කුමක් වෙයිද ?

Report

ලංකා විදුලිබල මණ්ඩලයේ තාප විදුලි බලාගාරවල විදුලි උත්පාදනය සඳහා තරගකාරී ලෙස ඩීසල් මිලදී ගැනීමට එරෙහිව නව කළමනාකාරිත්වය කිසිදු තීරණයක් ගෙන නොමැති බව එම මණ්ඩලය සඳහන් කර සිටිනවා.

එම මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී (ආයතනික ක්‍රමෝපාය) ඉංජිනේරු ඩබ්ලිව්. එස්. එම්. ප්‍රනාන්දු මහතා පැවසුවේ, ලංකා විදුලිබල මණ්ඩලය මීට පෙර පැවැති කළමනාකාරිත්වය යටතේ පවා විදුලි උත්පාදනය සඳහා තරගකාරී ලංසු මගින් ඩීසල් මිලදී ගෙන නොමැති බවයි.

තෙල් මිල එකවරම පහළ යයි..සටහන් වූ නව මිල ගණන් මෙන්න.

තෙල් මිල එකවරම පහළ යයි..සටහන් වූ නව මිල ගණන් මෙන්න.


2024 සැප්තැම්බර් 30 වන දිනට ඩීසල් භාවිතයෙන් විදුලිය නිපදාවා ඇත්තේ 1.1% ක ප්‍රමාණයක් බවද, විදුලිබල මණ්ඩලය දන්වා සිටියි.

ලංකා විදුලිබල මණ්ඩලය විදුලිය නිපදවීම සඳහා බැරතෙල් (HFO), නැප්තා (Naphtha) ඩීසල් යන ඉන්ධන වර්ග 03 ම භාවිත කරන බවයි අතිරේක සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේ.

ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරන්නේ, බැරතෙල් සහ නැප්තා යන ඉන්ධන වර්ග දෙක ඛනිජ තෙල් සංස්ථාව මගින් මිලදී ගන්නා බවත්, තරගකාරී ලංසු තැබීම මගින් ඩීසල් මිලදී ගන්නා බවයි.

ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ, ඩීසල් සඳහා පමණක් බෙදා හරින්නන් කිහිප දෙනකු සිටින බවත්, ඔවුන්ගෙන් සමහරක් මෑතකදී සිය ව්‍යාපාර කටයුතු ආරම්භ කර ඇති බවයි.