කිරි මිල ඉහළට - වෙළෙඳපොළ නව මිල

PRICE FRESH MILK MARKET
By Sewvandhi Dec 08, 2021 03:54 AM GMT
Sewvandhi

Sewvandhi

Report

නැවුම් දියර කිරි (Fresh Milk) ලීටරයක වෙළෙඳපොළ මිල රුපියල් 300 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. දියර කිරි ලීටරයක මිල මෙතෙක් පැවතියේ රුපියල් 260 ක් වැනි මිලකටයි.

පෞද්ගලික කිරිපිටි සමාගම් දියර කිරි මිල ගණන් සිය අභිමතය පරිදි ඉහළ දමන බවයි වෙළෙන්දන් පවසන්නේ.

ගොවීන්ගෙන් නිසි ප්‍රමිතියෙන් යුතු එළකිරි මිලදී ගනු ලැබූවත්, කර්මාන්තශාලා තුළ දී ඒවාට ජලය මුසු කර තත්ත්වය බාලකර වෙළෙඳපොළට නිකුත් කිරීමට ඇතැම් සමාගම් කටයුතු කරන බව ඔවුන් පෙන්වා දෙනවා.

මේ අතර වෙළඳපොල තුළ යළිත් කිරි පිටි හිඟයක් මතුව තිබෙනවා. ගත වූ දින කිහිපය තුළදී කිරිපිටි තොග විකිණීමට අවශ්‍ය ප්‍රමාණයට තමන්ට නොලැබුණු බවයි වෙළෙන්දන් පැවසුවේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW