22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් දැනුවත් කිරීමට තීරණයක්
By Kanchana
ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේ සමඟ විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සාකච්ඡා කර ඒ පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කරන බවත් එමෙන්ම, තමන් වහන්සේ පෞද්ගලිකවම ජනාධිපතිවරයාට මේ පිළිබඳව දන්වන බවත් කෝට්ටේ කළ්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රකාශ කර තිබේ.
අද පස්වරුවේ නිදහස් මෙහෙයුම් මධ්‍යස්ථානයේ (දිනන දකුණ සාමූහිකය,ෆ්‍රී ලෝයර්ස්) නියෝජිත පිරිසක් විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා උන් වහන්සේ බැහැදුටු අවස්ථාවේදීය ඒ පන්නිපිටිය, රුක්මලේ ශ්‍රී ධර්ම විජයාලෝක මහාවිහාරයේදීය
මෙම අවස්ථාවට ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න,නිශාන්ත ශ්‍රී වර්ණසිංහ,හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය ඇතුළු පිරිසක් එක්ව තිබුණි