රසිකයින් හඬවමින්, ජනප්‍රිය ගායිකාවක් ජීවන කතරට සමු දෙයි..(PHOTOS)
By krishani
ජනප්‍රිය ගායිකාවක් මෙන්ම ගීත රචිකාවක් වූ ෆ්රැන්කොයි හාඩි ජිවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.
ප්‍රංශයෙන් බිහි වූ ඇය 80 වැනි වියේ පසු විය.
මේ බව "අම්මා ගියා" යනුවෙන් ඇයගේ පුත්‍රයා වන තෝමස් ඩියුට්‍රොන්ක් සමාජ මාධ්‍ය සටහනක් තබමින් පැවසීය.
සංගීත ක්ෂේත්‍රයට 1962 වසරේ දී එක්වූ හාර්ඩි ට ප්‍රංශයේ සංගීත ක්ෂේත්‍රයේ කීර්තිමත් චරිතයක් බවට පත් වීමට ගත වුයේ කෙටි කලක් ය.
කෙසේ වෙතත්, ප්‍රංශයේ ප්‍රකට වූ Yé-yé (yeah yeah) පොප් ව්‍යාපාරයේ ප්‍රමුඛ චරිතයක් වූයේ ඇයයි.