ජනාධිපතිට පාගමනක් අතරතුර කනේ පහරක්(VIDEO)

president French drome Emanuwel Mackrone slaf
By Sithumi Jun 08, 2021 04:32 PM GMT
Report

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් අඟහරුවාදා දකුණු ප්‍රංශයේ පාගමනක යෙදී සිටියදී ඒ අසල සිටි පුද්ගලයෙකුගේ පහර කෑමකට ලක්ව ඇති පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ප්‍රංශ ජනාධිපතිවරයාගේ ආරක්ෂකයින් මැදිහත් වී ජනාධිපතිවරයාට පහර දුන් පුද්ගලයා බිමට ඇද දමා වහාම ජනාධිපතිවරයාව ආරක්ෂා කර ගැනීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව සඳහන්.

ප්‍රංශ ජනාධිපතිවරයා ගිණිකොනදිග ප්‍රංශයේ ඩ්‍රෝම් කලාපයේ සංචාරයක යෙදී සිටියදී මෙම සිදුවීම සිදුවී ඇති අතර, කොවිඩ් වසංගතයෙන් පසු ජීවිතය යථා තත්ත්වයට පත්වන ආකාරය ගැන කතා කිරීම සඳහා ආපනශාලා හිමියන් සහ සිසුන් හමුවිම සඳහායි ඔහු එහි ගොස් තිබුනේ. සමාජ මාධ්‍යවල මෙම සිදුවීමට අදාළ වීඩියෝ පටද මේ වන විට සංසරණය වනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now