ප්‍රංශය තුන්වන වරටත් සම්පූර්ණයෙන්ම වසා දැමීමට තීරණය කෙරේ.

Covid-19
By Thaya Apr 04, 2021 03:51 PM GMT
Report

ප්‍රංශය තුන්වන වරටත් සම්පූර්ණයෙන්ම වසා දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ, කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන්. පවතින තත්ත්වය මත රට තුළ රෝහල් ක්‍රියාකාරීත්වය අඩාල වීමේ අවදානම වැලැක්වීමේ අරමුණින් මෙම තීරණය ගෙන තිබෙනවා.

මෙම සති අන්තය වන විට පමණක් දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් කරසිටි කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 145ක් දක්වා ඉහළගොස් තිබූ බවයි විදෙස් වාර්තා පැවසුවේ.

එය ගතවු මාස 05 ක කාලය තුළ බරපතළ තත්ත්වයේ පසුවන ආසාදිතයින්ගේ ඉහළම සංඛ්‍යාවයි. පවත්න තත්ත්වය සලකා ප්‍රංශයේ සියලු පාසල්, අත්‍යවශ්‍ය නොවන වෙළෙඳසැළ් සති 04ක් වසා තැබීමටයි පියවර ගෙන ඇත්තේ.

රාත්‍රී 07 සිට උදෑසන 06 දක්වා ඇදිරිනීතියද පනවා ඇතැයි විදෙස් මාධ්‍යන්හි සඳහන්.

ලබන අගහරුවාදා සිටි විශේෂ හේතුවක් නොමැතිව තම නිවසේ සිට කිලෝ මීටර් 10 දුර යාමටද ප්‍රංශ වැසියන්ට නොහැකි වී තිබෙනවා. මේ අතර ඉතාලියද ඊයේ දින තුනකට වසා දැමුණා.