හිටපු ජනපති බිරිදට නඩු

Report

බලයෙන් පහකරන ලද දකුණු කොරියානු හිටපු ජනාධිපති යූන් සුක් යිඕල්ගේ බිරිඳ වන කිම් කියෝන් හී හට අල්ලස් ලබාගැනීම ඇතුළු දූෂණ අක්‍රමිකතා සිද්ධීන් කිහිපයකට අදාළව අධිචෝදනා ගොනුකර තිබේ.

දකුණු කොරියාවේ හිටපු ජනපති බිරිඳක් අල්ලස් චෝදනා ලැබූ පළමු අවස්ථාව මෙය බව විදෙස් වාර්තා සඳහන් කරයි. කොටස් වෙළඳපොළ මූල්‍ය වංචා හා දේශපාලන අරමුදල් වංචා කිරීම් මෙන්ම විවිධ පුද්ගලයින්ගෙන් අල්ලස් ලබාගැනීම සම්බන්ධයෙන් මෙලෙස අධිචෝදනා ගොනුකර ඇත.

හිටපු ඇමති රාජිත රිමාන්ඩ්

හිටපු ඇමති රාජිත රිමාන්ඩ්

රට තුළ යුද නීතිය ප්‍රකාශයට පත්කිරීමේ අසාර්ථක උත්සහයෙන් පසුව ඇතිවූ කලහකාරී වාතාවරණය මත හිටපු ජනාධිපති යූන් සුක් යිඕල් ධුරයෙන් පහ කෙරුණු අතර එම සිද්ධියට අදාළව ඔහුට එරෙහි නඩු විභාගය ද මේ වන විට සිදුවෙමින් පවතී.

තවද, එම සිදුවීමට ආධාර අනුබල ලබාදීම සම්බන්ධයෙන් දකුණු කොරියානු හිටපු අග්‍රාමාත්‍ය හැන් ඩුක්-සූ හට ද අධිචෝදනා ගොනුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවේ වැඩිදුර දැක්වේ.

ශෂීන්ද්‍ර යළි රිමාන්ඩ්

ශෂීන්ද්‍ර යළි රිමාන්ඩ්