මාල කඩන හිටපු කොස්තාපල් - හරි ෂෝක්

Sri Lanka Police Crime Latest Headlines Sinhala news
By Ashfa Jul 03, 2025 11:36 AM GMT
Ashfa

Ashfa

Report

අතුරුගිරිය ප්‍රදේශයේදී කාන්තාවන්ගේ රන් භාණ්ඩ කොල්ලකෑමට සහ මත්ද්‍රව්‍ය තොගයකට සම්බන්ධ බව කියන කණ්ඩායමක හිටපු පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු තිදෙනකු යතුරුපැදියක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

AI මිනිමරුවෙක් වෙලා පරිස්සමෙන් පාවිච්චි කරන්න

AI මිනිමරුවෙක් වෙලා පරිස්සමෙන් පාවිච්චි කරන්න

අතුරුගිරිය පොලිසියේ අපරාධ අංශය මෙහෙයවූ මෙහෙයුමකදී, මාර්ග අංක තහඩු වෙනස් කළ යතුරුපැදියකින් ගමන් කළ සැකකරුවන් පරීක්ෂා කරමින් සිටියදී, ඔවුන් සන්තකයේ හෙරොයින් සහිත මත්ද්‍රව්‍යයක් හමු වී තිබේ.

පසුව කළ විමර්ශනවලදී, මෙම සැකකරුවන් අතුරුගිරිය, කඩුවෙල, කිරිඳිවැල, කොට්ටාව සහ මුල්ලේරියාව ආශ්‍රිතව සිදුකළ රන් මාල සහ අත්පලදනා පිළිබඳව තොරතුරු හෙළි වී තිබේ.

මංගල වීඩියෝව මුදාහැර ටිකකින් ජිවිතක්ෂයට පත් ක්‍රීඩා තරුව

මංගල වීඩියෝව මුදාහැර ටිකකින් ජිවිතක්ෂයට පත් ක්‍රීඩා තරුව

පොලිසිය පවසන්නේ කොල්ලකෑම්වලදී සමාන්‍යයෙන් රු. ලක්ෂ 25කට ආසන්න වටිනාකමකින් යුත් රන් භාණ්ඩ උකස් කර ඇති බවයි.

සුරූපී ඇන්ජලීනා ජොලිට මොකක්ද මේ වුණේ?

සුරූපී ඇන්ජලීනා ජොලිට මොකක්ද මේ වුණේ?

අත්අඩංගුවට ගෙන ඇත්තේ, දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි හිටපු පොලිස් කොස්තාපල්වරයකු, 26 හැවිරිදි රියැදුරු වරයෙකු සහ 32 හැවිරිදි පිංතාරුකරුවෙකු වන අතර ඔවුන්ගෙන් එක් අයෙකුට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් නිකුත් වුණු වරෙන්තු හයක් පවතින බවද පොලිසිය පවසයි.

සැකකරුවන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ReeCha