ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුතානෝ, හඳුන්නෙත්තිට වුණා වගේ විහිළුවක් නොවී ඉංග්‍රීසි උගන්වන්න

Report

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ විහිළුකාරයන් නොවී මෙරට දරු පරපුරට හා වත්මන් පරපුරට සාධාරණත්වය ඉටු කිරීමට ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය කරා යා යුතු බව ප්‍රකාශ කරයි.

ඒ අනුව ඔහු කියා ඇත්තේ ඉංග්‍රීසි භාෂා අධ්‍යාපන අයිතිය කෝටි-ප්‍රකෝටිපති පවුල්වලට පමණක් නොව සාමාන්‍ය ජනතාවට ද හිමිවිය යුතු බවයි.

නාමල් මැරිච්ච ලොකුගේගේ ගුණ වයන්න ගිහින් කර ගත්තු හරියක්, දැන් හරිද අමාරුව

නාමල් මැරිච්ච ලොකුගේගේ ගුණ වයන්න ගිහින් කර ගත්තු හරියක්, දැන් හරිද අමාරුව

එසේම එය මූලික හා මානව අයිතියක් නිසා ජාත්‍යන්තර සම්මේලනයේදී සිදුවූ දේ ගැනවත් සිතා ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය කරා යා යුතු බව මෙහිදී විපක්ෂ නායකවරයා අවධාරණය කර තිබෙනවා.

ඊට අමතරව රජයේ සියලුම පාසල්වල ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය ලබාදිය යුතු බවත් පවසයි.

ටීචර් අම්මට සම්මාන නම් ගුටි කාපු මට මොකද වෙන්නේ? පහර කෑ බව කියන තරුණයගෙන් පෙත්සමක්

ටීචර් අම්මට සම්මාන නම් ගුටි කාපු මට මොකද වෙන්නේ? පහර කෑ බව කියන තරුණයගෙන් පෙත්සමක්

කෙසේ වෙතත් එදා තමා ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනයේ වැදගත්කම පවසන විට විහිළු කළ අය ම අද විහිළුවක් වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරයි.

ඒ අනුව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ තමාට කොතරම් පහර පිට පහර ගැහුවත් දැන් සත්‍ය හෙළිදරව් වී ඇති බවයි.

විපක්ෂ නායකවරයා මේ අදහස් ඊයේ (02) දින දෙහි අත්තකණ්ඩියේ දී පවසූ බව වාර්තා වේ.

කුරුණෑගල විශාල ගින්නක්

කුරුණෑගල විශාල ගින්නක්