කොළඹ මහා නගර සභාවෙන් අලුත් බදු රැසක්

Provincial Council Colombo Sinhala news Tariff Vraie Cally Balthazaar
By Hashini Jul 03, 2025 04:20 PM GMT
Hashini

Hashini

Report

යල් පැනගිය ක්‍රමවේදවලින් ඉවත්වී, කොළඹ මහ නගර සභාවේ අදායම් උත්පාදනය ඉහළ නැංවීමේ අරමුණින්, පූර්ණ ස්වයංක්‍රීය ආදයම් උත්පාදන පද්ධතියක් නිර්මාණය කිරීමට, කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිත ආයතනය (KOICA) මෙරට රජය සමඟ එකඟතාවයකට එළැඹ තිබෙනවා.

ඒ අනුව ඇමෙරිකානු ඩොලර් මිලියන 8.5ක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා වූ එකඟතාවය පිළිබඳ සම්මුතියට අද (2025.07.03) අත්සන් තැබුණි. ඒ කොළඹ මහ නගර සභාවේ පුරපතිනි ව්‍රායි කැලී බල්තසාර්, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශ ලේකම් එස්. ආලෝකබණ්ඩාර සහ කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිත ආයතනයේ ජාතික අධ්‍යක්ෂ ලී යූ ලී යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන්.

පූර්ණ ස්වයංක්‍රීය අදායම් උත්පාදන පද්ධතියක අවශ්‍යතාව සහ වටිනාකම පිළිබඳ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ඒ.එච්.එම්.එච් අබයරත්න මහතා විසින් දැනුම්වත් කිරීමෙන් අනතුරුව ඔහුගේ උපදෙස් පරිදි මෙම KOICA ව්‍යාපෘතිය පිළිබඳ ගිවිසුමට එළඹුණේ අමාත්‍යාංශීය නිලධාරින් සමඟ පැවති සාකච්ඡාවකදීයි.

ගුවන් යානාවලට මොකද මේ වෙන්නේ?උඩු ගුවනේදී ගුවන් යානයක ජනේල් රාමුවක් ගැලවී විසි වෙයි

ගුවන් යානාවලට මොකද මේ වෙන්නේ?උඩු ගුවනේදී ගුවන් යානයක ජනේල් රාමුවක් ගැලවී විසි වෙයි

කොළඹ මහ නගර සභාවේ ආදායම් ප්‍රභව 76 අතරින් ඉහළම ආදයමක් උත්පාදනය කරන්නේ වරිපනම් බදු(Property Tax), බලපත්‍ර ගාස්තු(License Tax), වෙළඳ බදු(Trade Tax) සහ මුද්දර ගාස්තු(Stamp Duty) යන ආදායම් ප්‍රභව හතරයි.

එමඟින් ලැබෙන ආදායම, කොළඹ මහ නගර සභාවේ සමස්ත ආදායමෙන් 62% කි. මෙම නව ව්‍යාපෘතියෙහි පළමු අදියර යටතේ එම ආදයම් උත්පාදක ප්‍රභවයන් හතර ස්වයංක්‍රීකරණය කෙරේ. බදු ගෙවීම් යාවත්කාලීන වීම පමණක් නොව බදු ගෙවීම් පිළිබඳ තොරතුරු පද්ධතියේ ආරක්ෂිතභාවය තහවුරු වීමද මෙම ව්‍යාපෘතියෙන් අත්වන සුවිශේෂ ප්‍රතිලාභයකි.

දැනට මහ නගර සභාව තුළ ආදයම් කළමණාකරණය සඳහා භාවිත කරන්නේ MCAS (Municipal Council Accounting System) සම්ප්‍රදායික ක්‍රමයයි. බදු පරිපාලන ක්‍රියාවලිය ස්වයංක්‍රීයකරණය කර නොමැති නිසා, එම ක්‍රමය තුළ බදු ගෙවන්නන්ට අවාසිදායක සහ අපහසු තත්වයන් පැනනැගී ඇති බව නිරීක්ෂණ මඟින් හඳුනාගෙන තිබේ. එමෙන් ම මහ නගර සභාවේ වාර්ෂික තක්සේරුකරණය සහ බදු අනුපාත සෑම වසර පහකට වරක් යාවත්කාලීන විය යුතු වුවද, මෙම තත්වය තුළ ඉදිරිපත්වන මහජන පැමිණිලි සඳහා සධාරණ මැදිහත්වීමක් සිදුකිරීමට ද අපහසු වී ඇත. නමුත් මෙම නව ව්‍යාපෘතිය අවසානයේ සමස්ත ආදායාම් පද්ධතියම ස්වයංක්‍රීයකරණය මඟින් එම ගැටළු මගහරවා ගැනීමට අවස්ථාව ලැබේ.

ජිම් ගිය සමීරටයි මස්සිනාටයි පත්තු වුණ වෙඩිල්ලෙන් සමීර මිස් වෙයි, මස්සිනා මරුට

ජිම් ගිය සමීරටයි මස්සිනාටයි පත්තු වුණ වෙඩිල්ලෙන් සමීර මිස් වෙයි, මස්සිනා මරුට

දෛනිකව ස්වකීය අවශ්‍යතා සඳහා කොළඹ නගරයට පැමිණෙන ලක්ෂ 06කට ආසන්න ජනතාවට සේ ප්‍රධාන වාණිජ අගනගරය කෙන්ද්‍ර කරගනිමින් මහ නගර සභා බල ප්‍රදේශයේ පදිංචි ලක්ෂ 07කට ආසන්න ජනතාවට සේවා සපයන කොළඹ මහ නගර සභාව, වාර්ෂිකව උත්පාදනය කරගනු ලබන ආදායම රුපියල් බිලියන 15 ඉක්මවයි.

එම ආදායම වර්ධනය කරගනිමින්ද නිසියාකාරයෙන් කළමනාකරණය කරගනිමින්ද සුන්දර පුරවරයක පුනරුදයට මාවත, මෙවැනි ව්‍යාපෘති සාර්ථකරගැනීමෙන් විවරගත හැකිබව රජයේ විශ්වාසයයි. 

ReeCha