ජිම් ගිය සමීරටයි මස්සිනාටයි පත්තු වුණ වෙඩිල්ලෙන් සමීර මිස් වෙයි, මස්සිනා මරුට
කඳාන පොලිස් ස්ථානය ඉදිරිපිටදී අද (03) උදෑසන 10ට පමණ, නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් මෝටර් රථයකට එල්ල කරන ලද T-56 ගිනිඅවියකින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.
පොලිසියට අනුව, මෝටර් රථයේ ගමන් කළ, හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ මහජන සම්බන්ධීකරණ ලේකම් ලෙස කටයුතු කළ සමීර මනහර නමැත්තා වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී ඇත.
වෙඩි ප්‍රහාරයෙන් මෝටර් රථයේ ගමන් කළ දෙදෙනෙකු තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු අතර, එක් අයෙකු ජීවිතක්ෂයට පත්විය.
සමීර මනහරගේ පිටකොන්ද ප්‍රදේශයට වෙඩි තැබීමෙන් තුවාල සිදුවූ නමුත් ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි පවසයි. ඝාතනයට ලක්වූ පුද්ගලයා උපාලි අමුණුවිල නමැත්තා වන අතර, ඔහු සමීරගේ මස්සිනා බව වාර්තා වේ.

ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුතානෝ, හඳුන්නෙත්තිට වුණා වගේ විහිළුවක් නොවී ඉංග්‍රීසි උගන්වන්න
ඔවුන් කායවර්ධන මධ්‍යස්ථානයකට ගොස් නිවසට පැමිණෙමින් සිටියදී, නිවසට මීටර් 500ක් පමණ දුරකදී වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත. වෙඩි තැබීමත් සමඟ රියදුරු මෝටර් රථය පසුපසට ධාවනය කිරීමෙන් එය විදුලි කණුවක ගැටී ඇත.
එහිදී, ගැටුමෙන් පදිකයෙකු තුවාල ලබා ඇති අතර, මෝටර් රථයට වැදුණු උණ්ඩයක් අසල සිටි කාන්තාවකගේ ගෙලට වැදී තුවාල සිදුවී ඇතත්, ඇගේ තත්ත්වය බරපතළ නොවේ. පොලිසිය පවසන පරිදි, වෙඩික්කරු T-56 මැගසිනයක උණ්ඩ 30න් 23ක් එල්ල කර ඇත. සමීර මනහර සහ ඩුබායිහි සැඟව සිටින කඳානේ කොණ්ඩ රංජි නමැති අපරාධකරු හා ඔහුගේ සමීපතමයෙකු වන චූටි මල්ලි අතර ගැටුමක් මෙම ඝාතනයට හේතුවී ඇති බවට සැකකෙරේ.
ඒ අනුව, මෙම වෙඩි තැබීම ඩුබායි සිට මෙහෙයවූ බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසයි. සමීර මනහර, මංගල සමරවීරගේ ලේකම් ලෙස සිටි සමයේ මත්ද්‍රව්‍ය චෝදනාවට අත්අඩංගුවට ගැනුණු අතර, ඝාතනයට ලක්වූ ඔහුගේ මස්සිනාද එහිදී අත්අඩංගුවට පත්ව නඩු පවරා තිබිණි. කෙසේ වෙතත්, වෙඩි ප්‍රහාරයේ හේතුව තවමත් නිශ්චිතව හඳුනාගෙන නැත.
බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය ඇතුළු පොලිස් කණ්ඩායම් විමර්ශන සිදුකරයි. වෙඩි තැබීමත් සමඟ බස්නාහිර උතුර කොට්ඨාසය තුළ ක්ෂණික මාර්ග බාධක යොදවා පරීක්ෂා කිරීම් සිදුකෙරිණි. එහිදී, දුංගල්පිටිය පොලිසියේ අණ නොතකා ධාවනය කළ යතුරුපැදියක් හඹාගොස්, ලෙල්ලම, මෝරවල ප්‍රදේශයේදී සැකකරුවන් අත්අඩංගුවට ගැනිණි.
පසුපැදිකරු අත්අඩංගුවට ගන්නා අතරතුර, පළාගිය පැදිකරුට පොලිසිය වෙඩි තබා ඇති අතර, ඔහුගේ පාදයේ දණහිසට යටින් තුවාල සිදුවිය. ඔවුන්ගේ බෑගයකින් සෙල්ලම් පිස්තෝලයක් හා මත්ද්‍රව්‍ය හමුවූ අතර, සැකකරුවන් දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් බව පොලිසිය පවසයි.
මීගමුව කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අශෝක ධර්මසේන මහතාගේ අධික්ෂණය යටතේ විමර්ශන සිදුවේ. මේ වසරේ මේ දක්වා වෙඩි තැබීම් 63ක් වාර්තා වී ඇති අතර, ඉන් 36 දෙනෙකු මියගොස් ඇත. තවද, 33 දෙනෙකු වෙඩි ප්‍රහාරවලින් තුවාල ලබා ඇත.
