හිටපු මන්ත්‍රී මිලාන් ජයතිලකට ඇප

Report

අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඔහුව අද (19) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම ඇප නියෝගය ලබාදී ඇත.

හිටපු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතාට එරෙහිව එල්ල වී ඇති චෝදනාව වන්නේ, 2012 වසරේදී දොම්පේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී ඉඩම් සම්බන්ධ පිඹුරු අනුමත කිරීමේදී රජයට රුපියල් ලක්ෂ 3කට වැඩි මුදලක පාඩුවක් සිදුකළ බවයි.

පොහොට්ටු ප්‍රබලයෙකු අත්අඩංගුවට

පොහොට්ටු ප්‍රබලයෙකු අත්අඩංගුවට

O/L සමත්, අසමත් කාටත් ඉහළටම යන්න මගක් - අදම අයදුම් කරන්න..

O/L සමත්, අසමත් කාටත් ඉහළටම යන්න මගක් - අදම අයදුම් කරන්න..