SIM එක මාරු නොකර Network එක මාරු කිරීම ගැන පැතිරුණු කතාව බොරුවක්ද? රජය සත්‍ය හෙළි කරයි
ජංගම දුරකථන අංක වෙනස් නොකර වෙනත් ජාලයකට මාරුවීමේ පහසුකම ලබාදෙන ජංගම දුරකථන අංක අතේ ගෙන යා හැකි සේවාව (MNP) සැප්තැම්බර් මාසයේදී නිල වශයෙන් දියත් කිරීමට නියමිත බවට පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් රජය පැහැදිලි කිරීමක් නිකුත් කර තිබේ.
ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශයක් පදනම් කරගනිමින් පළවූ වාර්තා නිවැරදි කරමින් රජය මෙම පැහැදිලි කිරීම සිදුකර ඇත.
රජය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, නියෝජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කර ඇත්තේ MNP සේවාව සැප්තැම්බර් මාසයේදී දියත් කරන බවක් නොවන බවයි.
ඒ වෙනුවට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL), අදාළ අමාත්‍යාංශය සහ විදුලි සංදේශ ක්‍රියාකරුවන් අතර පවතින ගැටලු විසඳා, සේවාව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය අවසන් එකඟතාවකට පැමිණීම සඳහා සාකච්ඡා පැවැත්වෙන බව පමණක් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති බව රජය සඳහන් කරයි.
එමෙන්ම සැප්තැම්බර් මස අවසානය වන විට විදුලි සංදේශ ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන් අවසන් එකඟතාවකට පැමිණීමට අපොහොසත් වුවහොත්, ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතේ විධිවිධාන සහ අදාළ බලපත්‍ර කොන්දේසි යටතේ නියාමන නියෝගයක් නිකුත් කිරීමට TRCSL පියවර ගන්නා බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇති බව නිවේදනයේ දැක්වේ.
ඒ අනුව සැප්තැම්බර් මස අවසානය යනු MNP සේවාව දියත් කරන දිනයක් නොව, සේවාව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ක්‍රියාකරුවන් අවසන් එකඟතාවකට පැමිණිය යුතු අවසන් කාලසීමාව බව රජය අවධාරණය කරයි.
පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කරමින් හැකි ඉක්මනින් MNP පහසුකම මෙරට පාරිභෝගිකයන් වෙත ලබාදීමට රජය කැපවී සිටින බවද එම නිවේදනයේ සඳහන් වේ. සේ
වාව නිල වශයෙන් දියත් කරන දිනය සම්බන්ධයෙන් ඉදිරියේදී නියමිත වේලාවට නිල වශයෙන් දැනුම් දෙන බවද රජය වැඩිදුරටත් පැහැදිලි කර තිබේ.