ක්‍රිකට් ලෝලීන්ට පිස්සු හැදෙන සුබ ආරංචියක් - LPL අවසන් මහා තරගය නොමිලේ නැරඹීමට අවස්ථාව

Report

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අවසන් මහා තරගය නොමිලේ නැරඹීමට ක්‍රිකට් ලෝලීන්ට අවස්ථාව හිමිව තිබේ. ගාල්ල ගැලන්ට්ස් සහ ජැෆ්නා කිංග්ස් අතර පැවැත්වෙන මෙවර අවසන් මහා තරගය සඳහා C ඉහළ, C පහළ සහ D ඉහළ, D පහළ ක්‍රීඩාංගණ ප්‍රදේශවලට මහජනතාවට නොමිලේ ප්‍රවේශ විය හැකි බව දැනුම් දී ඇත.

නරඹන්නන්ට අදාළ ක්‍රීඩාංගණ වෙත 4, 5, 6 සහ 7 යන ගේට්ටු හරහා ඇතුළුවීමට හැකි අතර, එම සියලුම ගේට්ටු සවස 5.30ට විවෘත කිරීමට නියමිතය.

LPL 2026 අවසන් මහා තරගය සවස 7.30ට ආරම්භ වීමට නියමිත අතර, තරගයට පෙර විශේෂ සමාප්ති උත්සවයක්ද සංවිධාන කර තිබේ.

එම සමාප්ති උත්සවය සවස 6.30ට ආරම්භ වන අතර, ජනප්‍රිය ගායන ශිල්පිනී උමාරියා සිංහවංශ, රොමේන් විලිස් සහ වස්ති කණ්ඩායම විසින් සංගීතමය රංගනයන් ඉදිරිපත් කිරීමට නියමිතය.

LPL අවසන් මහා සටනට ගෝල් ගැලන්ට්ස් සහ ජැෆ්නා කිංග්ස් අද පිටියට

LPL අවසන් මහා සටනට ගෝල් ගැලන්ට්ස් සහ ජැෆ්නා කිංග්ස් අද පිටියට

මීට අමතරව, කූල් ස්ටෙප් සහ අයිලන්ඩ් ස්ටොම්පර්ස් විසින් විශේෂ නර්තන සංදර්ශනද ඉදිරිපත් කිරීමට නියමිත බව සංවිධායකයින් සඳහන් කරයි. සමාප්ති උත්සවයෙන් අනතුරුව සවස 7.30ට ගාල්ල ගැලන්ට්ස් සහ ජැෆ්නා කිංග්ස් අතර LPL 2026 අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතය.

ඒ අනුව තරගය සජීවීව ක්‍රීඩාංගණයේ සිට නැරඹීමට අපේක්ෂා කරන ක්‍රිකට් ලෝලීන්ට නියමිත වේලාවට පෙර පැමිණ, වෙන්කර ඇති නොමිලේ ප්‍රවේශ කලාපවලට ඇතුළුවිය හැකිය.

Gallery