ශිෂ්‍යත්වය විභාගය ගැන දැනුම්වත් කිරීමක් - විශේෂ උපදෙස් මාලාවක් නිකුත් වේ

Report

5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය විභාගය ගැන දැනුම්වත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් මේ වන විට පැවැත් වේ. ඒ විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙනි. එහිදී ඇය මෙවර ශිෂ්‍යත්වයට මුහුණ දෙන සිසුන්ට ඔවුන්ගේ දෙමව්පියන්ට හා ගුරුවරුන්ට අදාළ වන ලෙස උපදෙස් මාලාවක් ප්‍රකාශ කර ඇත.

ඊට අනුව, 5 ශ්‍රේණිය විභාගයට අදාළව සියලුම උපකාරක පන්ති අගෝස්තු 5 මධ්‍යම රාත්‍රියේ සිට තහන්ම් වූ අතර විභාගය පවත්වා අවසන් වන තුරු විභාගයට අදාළ අනුමාන ප්‍රශ්ණ හෝ තොරතුරක්, විභාග සම්බන්ධ ප්‍රචාරණ කටයුතු මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍ය හරහා සිදු කිරීම තහනම් වේ.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ගැන දැනුම්දීමක් - දෙමව්පියන්ගේ හා ගුරුවරුන්ගේ අවදානයට

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ගැන දැනුම්දීමක් - දෙමව්පියන්ගේ හා ගුරුවරුන්ගේ අවදානයට

විභාගයට දරුවන් සදහා තනි තනි අයදුම්පත් නිකුත් නොකරන අතර ඔවුන්ගේ විභාග අංක කාලසටහන් සමග විදුහල්පතිවරුන්ට යොමු කර ඇත. සියලුම දරුවන් තමන්ට ලබා දී ඇති විභාග මධ්‍යස්ථානයට පැයකට පෙර යා යුතුය.

විභාගය පෙ.ව. 9.30ට ආරම්භ වන අතර අගෝස්තු 9 ඉරිදා හෙට ආරම්භ වේ. විභාගයේ මුලින් පැවැත්වෙන්නේ 2 වන ප්‍රශ්ණ පත්‍රය වන අතර ඊට පැය 1යි විනාඩි 15ක කාලයක් ලබාදෙයි. කෙටි විවේක කාලයකින් පසු 1 ප්‍රශ්ණ පත්‍රය පැයක කාලයක් සදහා ලබා දෙයි. එමෙන්ම දරුවන් පිලිතුරු සැපයීමේදී ඉතාම කල්පනාකාරීව පත්‍රය කියවා පිලිතුරු සපයන්න.

වසර 5කට පසු මේ රාජ්‍ය නිලධාරීන්ට ප්‍රසාද දීමනා - රාජ්‍ය නිලධාරීන්ට සුභ ආරංචියක්

වසර 5කට පසු මේ රාජ්‍ය නිලධාරීන්ට ප්‍රසාද දීමනා - රාජ්‍ය නිලධාරීන්ට සුභ ආරංචියක්

එමෙන්ම තමන්ගේ විභාග අංකය නිවැරදිව සදහන් කල යුතුයි. අදාල පිලිතුරු ලබා දෙන පත්‍රයේම ලිවිය යුතු අතර අමතර කඩදාසි වල උත්තර ලිවීම අවශ්‍ය නොවේ. කටුවැඩ සදහා අවශ්‍ය කොල ශාලාවෙන් ලබා දෙයි.

එමෙන්න පිලිතුරු ඉතා පැහැදිලි අත්අකුරු භාවිතයෙන් ලිවිය යුතු අතර විභාග ශාලාවට ජංගම දුරකථන , වෙනත් ඉලෙක්ට්‍රොනක් උපකරණ , ස්මාර්ට් අත්ඔරලෝසු, සටහන්,මකන දියර ආදි තහනම් ද්‍රව්‍ය විභාග ශාලාවට රැගෙන නොයන ලෙසත් දෙමව්පියන් ඊට අවදානය යොමු කල යුතු බවත් උපදෙස් ලබා දෙයි. එමෙන්ම අවසානයේදී විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය විසින් සියලු දරුවන්ට සුභ පැතුම් එක්කර ඇත.

දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,723කදී මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට (09) දිනයේ දී පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසයි. මෙවර විභාගය සඳහා සමස්ත අයදුම්කරුවන් 294,089 දෙනෙකු පෙනී සිටින අතර, ඒ අතුරින් සිංහල මාධ්‍යයෙන් අයදුම්කරුවන් 220,366ක් සහ දෙමළ මාධ්‍යයෙන් අයදුම්කරුවන් 73,723 ක් ලියාපදිංචි වී සිටී.