විදේශ රැකියා ඒජන්සි 400ක් තහනම් කෙරේ..!

Manusha Nanayakkara Sri Lanka
By Sewvandhi Dec 03, 2022 01:00 PM GMT
Sewvandhi

Sewvandhi

Report

 කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් කියාසිටියේ සංචාරක වීසා මත ශ්‍රමිකයන් විදෙස්ගත කර ඒ සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරු ලබා නොදුන් රැකියා නියෝජිතායතන 400ක් තහනම් කිරීමට පියවර ගෙන ඇති බවයි.

අද (3) පාර්ලිමේන්තුවේ දී කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

"විදේශ රැකියා නියෝජිතායතනවල හිමියකරුවන් නියාමනය කිරීම අපි ඉතාම හොඳින් සිදුකරනවා. මේ වනවිට විසිට් වීසාවලින් යවලා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරු ලබා නොදීපු ආයතනවලින් 400ක් මේ වනවිට තහනම් කරලා තියෙනවා.

ඒ වගේම ලංකාවට ඩොලර් විදියට ගෙන්නේ නැතුව උන්ඩියල් ක්‍රමයට තමන්ගේ කමිෂන් මුදල් ලංකාවට ගෙනපු නියෝජිතායතනවලට තාවකාලික තහනම් තියෙනවා. අවසරපත් ලබාදීමේ ක්‍රමවේදයක් හදලා දීලා තිබෙනවා. ඉස්සර ලක්ෂ හතහමාරට තිබුණ එක තව ටික දවසකින් ලක්ෂ 30කින් තමයි බලපත්‍රයක් දෙන්නේ."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now