විදෙස් ගත වෙන්න ඉන්නවනම් මේ ගැන දැනුවත් වීම අනිවාර්යයි..

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police Foreign Employment Bureau
By Aruna Jul 19, 2023 02:10 AM GMT
Aruna

Aruna

Report

නීති විරෝධී ආකාරයට රැකියාවන් සදහා පුද්ගලයින් විදෙස් ගත කරන බව සදහන් කරමින් මුදල් ජාවාරම් කළ පොලිස් නිලධාරියෙක්,කාන්තාවක් ඇතුළු සිව් (04) දෙනෙකුව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විමර්ශණ අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බවට වාර්තා වනවා.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචියක් නොමැතිව බදුල්ල ප්‍රදේශයේ රැකියා නියෝජිත ආයතනයක් පවත්වා ගෙන ගිය පුද්ගලයෙකුව විමර්ශණ නිලධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පැවසෙන්නේ.

වැටලීම කළ නිලධාරීන් සදහන් කරන්නේ, ජපානය, ඉතාලිය සහ කටාර් යන රටවල් වල රැකියා ලබා දෙන බව පවසමින් සැකකරු විවිධ පුද්ගලයින්ගෙන් විදෙස් ගමන් බලපත්‍ර සහ මුදල් ලබා ගෙන ඇති බවට පැමිණිළි ලැබී ඇති බවයි.

සැකකරු විසින් පවත්වා ගෙන ගිය බදුල්ල ධර්මදූත මාවතේ පිහිටි ව්‍යාජ විදේශ රැකියා මධ්‍යස්ථානයේ තිබී අයදුම් පත්‍ර 53 ක් අඩංගු ලිපි ගොණුවක් සහ විවිධ පුද්ගලයින්ගෙන් මුදල් ලබා ගත් බවට සදහන් ලිපි ගොණු 02 ක්ද වැටලීම කළ නිලධාරීන් තම බාරයට ගෙන තිබේ.

මේ අතර අධිකරණය විසින් විදෙස් ගමන් තහනම් කර තිබූ පුද්ගලයෙකුව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධරීන් විසින් කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර, හම්බන්තොට – සිරිබෝපුර ප්‍රදේශයේ පදිංචි සැකකරු වලංගු බලපත්‍රයක් නොමැතිව විදේශ රැකියා නියෝජිත ආයතනයක් පවත්වා ගෙන ගොස් ඇත.

සැකකරු සම්බන්ධයෙන් තොරතුරු ලැබීමෙන් පසුව ඒ පිළිබදව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විමර්ශණ අංශයේ නිලධාරීන් විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

ඒ අතර තුර සැකකරු රටින් පලා ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ. අනතුරුව සැකකරු සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් කටයුතු කර ඇත.

විදෙස් ගමන් තහනමක් අධිකරණය විසින් පනවා ඇත්තේ ඒ අනුව වන අතර, පලා ගොස් සිටි සැකකරු නැවත මෙරටට පැමිණි අවස්ථාවේදී ආගමන හා විගමන නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ට බාර දීමට කටයුතු කර ඇති බවයි පැවසෙන්නේ.

ජපානයේ රැකියා ලබා දෙන බව පවසමින් මුදල් ලබා ගෙන වංචා කළ බව කියන පොලිස් නිලධාරියෙකුවද විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රාජකාරියේ නිරතව සිටින අතරතුරදී ඉමදූව – බටේමුල්ල ප්‍රදේශයේ පදිංචි සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර මැලේසියාවේ රැකියා ලබා දෙන බව පවසා රුපියල් 5,10,000 ක මුදලක් වංචා කළ කාන්තාවක්ද විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, අදාල සැකකාරිය ගාල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි පැවසෙන්නේ.

රැකියා ලබා දෙන බව පවසා සංචාරක වීසා මගින් තමන්ව මැලේසියාවට යැවුවත්,පොරොන්දු වූ පරිදි රැකියාවක් නොලැබුණු බව පවසමින් පුද්ගලයෙකු විසින් කර තිබූ පැමිණිල්ලකට අනුව එම කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ.

ReeCha