බැංකු ගිණුමට වැටුණ ද බලන්න.. රජයෙන් අද මුදල් දාලා..
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ මේ වන විට නොවැම්බර් මස 26 දින සිට ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් හානියට පත්වූ වගාවන් පරීක්ෂා කිරීම අවසන් කර ඇති බවයි.
ඒ 2024/25 මහ කන්නයට අදාළවයි.
ඒ අනුව, හානි වූ වගාවන්ට වන්දි ගෙවීම ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව අද (10) අම්පාර දිස්ත්රික්කයෙ ගොවීන් 8705ක් සඳහා රුපියල් මිලියන 122ක මුදලක් ගොවීන්ගේ ගිනුම්වලට බැර කිරීම සිදුවනු ඇත.
ඒ වගා බිම් අක්කර 7657ක ගොවීන් සදහා ය.
එමෙන්ම, පොළොන්නරුව දිස්ත්රික්කයේ ගොවීන් 6,239 වෙනුවෙන් රුපියල් මිලියන 114ක මුදලක් නිදහස් කර ඇත.
ඒ අක්කර 9067.40ක් සඳහා ය.
එමෙන්ම, මේ වන විට වවුනියා, මුලතිව්, ත්රිකුණාමලය යන දිස්ත්රික්කවල වගා හානී අයදුම්පත්වලට අදාළව වගා හානි මුදල් ඔවුන්ගේ ගිනුම් වෙත බැර කිරීමට කටයුතු කර ඇත.
ඒ අක්කර 4324 ප්රමාණයක හානි වූ වගාවන් සඳහා ය.
ඒ අනුව ගොවි මහතුන් 3272 වෙනුවෙන් රුපියල් මිලියන 70ක මුදලක් ඔවුන්ගේ ගිණුම් වෙත බෙදා හැර ඇත.
You May Like This Video👇
![ReeCha](https://cdn.ibcstack.com/bucket/6721eaac546d5.webp)