ජනපති විශේෂ සාකච්ඡාවක් පවත්වයි

Anura Kumara Dissanayaka Sri Lanka Politician Sinhala news
By Mithu Jun 06, 2025 04:16 PM GMT
Mithu

Mithu

Report

අවාර සමයේදී ද සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් අතර ජනාධිපති කාර්යාලයේදී අද (06) පස්වරුවේ පැවැත්විණි.

නිලන්ති වශී වුණු හමුදා පාලකයා

නිලන්ති වශී වුණු හමුදා පාලකයා

සංචාරක ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු වූ අතර, එම කර්මාන්තය දියුණු කිරීම සඳහා දැනට සංචාරක ප්‍රවර්ධන කාර්‍යාංශය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව පාර්ශ්වකරුවන් දැනුවත් කිරීමද සිදු කරන ලදී.

සංචාරක කර්මාන්තය ආශ්‍රිත සියලු අංශ ඒකාබද්ධ කරමින් ජනාධිපති කාර්යාලය මූලික කරගත් ඒකකයක් පිහිටුවීමට අපේක්ෂා කරන බව එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. රජයේ Clean Sri Lanka වැඩසටහන සංචාරක ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන්ගේ ඇගයීමට ලක් වූ අතර, එය සංචාරක ප්‍රවර්ධනය සඳහා ඒකාබද්ධ කර ගැනීම පිළිබඳවද සාකච්ඡාවට ලක් කෙරිණි.

කොවිඩ් මරණ 44ට නඟී - නව ආසාදිතයෝ 276ක්

කොවිඩ් මරණ 44ට නඟී - නව ආසාදිතයෝ 276ක්

ReeCha