යුද්ධ සමය මිනිස්සු හංගලා මරපු බවට සැකයක් හිස්කබල් 18ක් හමුවේ.[PHOTO]
යාපනය, චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ, දෙවන අදියරේ කැණීම් කටයුතු අද (ජූනි 6) සිදුවන්නේ පස්වන දිනට ය.එහිදී හමුවූ හිස්කබල් ගණන 18 දක්වා ඉහල යයි
මෙම අස්ථි කොටස් සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණ කටයුතු නිරීක්ෂණයට එක්වීමෙන් අනතුරුව ඔහු මේ බව පැවසීය. නීතිඥවරයා පැවසුවේ, මෙම පරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් උතුරේ සිවිල් සංවිධාන අවධානයෙන් පසුවන බවයි.
නීතිඥවරයා පැවසුවේ, කැණීම් කටයුතුවලින් අනතුරුව විශේඥයින් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමට නියමිත අතර, කැණීම් කටයුතුවල ඉදිරි සැලසුම අධිකරණය මගින් තීරණය කරනු ඇති බව ය.
මෙම මිනිස් අස්ථි කොටස් සම්බන්ධයෙන් 'සැකයක්' ඇති වන බව උතුරු-නැගෙනහිර අතුරුදන්වූවන්ගේ සංගමයේ සභාපතිනි යෝගරාජා කනකරංජනී පවසයි.
"හින්දු චාරිත්‍ර අනුව අපි මිය ගිය අයගේ සිරුරු වැඩිපුර ම අදාහනය කිරීම තම යි කරන්නේ. සිරුරු ආදාහනය කළා නම් මිනිස් අස්ථි කොටස් ඉතිරි වෙන්න විදිහක් නෑ. ඒත් දැන් මේ හින්දු සුසාන භූමිය ළඟින් හමුවුණ මිනිස් සිරුරුවල අස්ථි කොටස් සම්පූර්ණයෙන් ම දැක ගන්න පුළුවන් වෙලා තියෙනවා.මේ අස්ථි කාගේ ද කියලා දැනගන්න ඕනේ. මොක ද යුද්දේ කාලයේ විශාල පිරිසක් අතුරුදන් වෙලා ඉන්නවා. ඒ අය ගැන කිසි ම තොරතුරක් නෑ. අපිට සැකයක් තියෙනවා අතුරුදන්වූවන්ගේ අස්ථි කොටස් මෙතන ඇති කියලා,"
ඇය පැවසුවා ය. ඇය අවධාරණය කළේ, ඔවුන් මේ සම්බන්ධයෙන් "අවධානයෙන් සිටින බවයි.



