නිසි සොයාබැලීමකින් තොරව විදේශගත වී කුවේටයේ කාන්තාරයක ඔටුවන් බලාගැනීමට සිදුව තිබෙන ශ්රී ලාංකික තරුණයෙකු පිළිබඳ පුවතක් වාර්තා වනවා.
පුත්තලමේ පදිංචිකරුවෙක් වන ඔහු හිතවතෙකුගේ මාර්ගයෙන් මැදපෙරදිගට යන්නේ නිවසක ආහාර සැකසීමේ රැකියාව සඳහායි.
ඔහුගේ කතාව නිසි මඟ නොදැන විදේශගතවන සැමට පාඩමක් කියා දෙනවා.
මේ අතර ඕමානයේ රැකියා සඳහා ගිය කාන්තාවන් ලිංගික කටයුතුවලට සහ මිනිස් ජාවාරම්වල යෙදවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටි ආශා දිසානායක නැමැති සැකකාරියගේ ඇප අවලංගුකරන ලෙසට කොළඹ ප්රධාන මහේස්ත්රාත් නන්දන අමරසිංහ මහතා ඊයේ(01) නියෝග කළා.
ඒ අනුව ඇය ඇතුළු තවත් සැකකරුවන් 04 දෙනෙකු ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසටයි නියෝග කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |