ඉන්ධන වලට ගහපු බද්ධක් නිසා මිල ගණන් ඉහළ ගිය හැටි..වැඩිවූ මිල ගණන් ලැයිස්තුව මෙන්න..

Report

පිරවුම්හල් හිමියන්ට චක්‍රලේඛයක් නිකුත් කිරීම හිතාමතාම වසර අටකට කාලයක් ප්‍රමාද කර වැඩිපුර කොමිස් මුදල් ගෙවීම හේතුවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් කෝටි 341 කට වැඩි පාඩුවක් සිදුවීමෙන් ඉන්ධන වෙනුවෙන් ජනතාවට අතිරේක බරක් දැරීමට සිදුව ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු වලට අනුව අනාවරණය වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් එහි අලෙවි අංශයේ නිලධාරීන් වගකිවයුතු බවයි, කමිටුව සඳහන් කරන්නේ.

උසස් පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්..ලබන 10ට පෙර මේදේ කරන්න..

උසස් පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්..ලබන 10ට පෙර මේදේ කරන්න..


මේ අතර, ප්‍රමාණය ඉක්මවමින් බෙදුම්කරුවන්ට කොමිස් ගෙවීම හේතුවෙන් මහජනතාවට ඉන්ධන සඳහා අතිරේක පිරිවැයක් දැරීමට සිදුවීම පිළිබඳව කෝප් කමිටුවේ අප්‍රසාදය ද පළවී තිබේ.

මෙම පාඩුව සිදුව ඇතැයි පැවසෙන්නේ 2014 - 2022 අතර කාලයේදී බවයි පැවසෙන්නේ. එම වංචාව සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව වාර්තාවක් දින හතක් ඇතුළත ඉදිරිපත් කරන ලෙස කාරක සභාව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට නිර්දේශ කර තිබෙනවා.

සංස්ථාවේ නිලධාරීන් කළ මෙම වංචාව හේතුවෙන් පාරිභෝගික ජනතාව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකට රුපියල් 5.85ක්ද 95 පෙට්‍රල් ලීටරයකට රුපියල් 7.50ක්ද ලෙඩ් සඳහා රුපියල් 5.88ක්ද එල්.එස්.ඩී සඳහා රුපියල් 6.96ක මුදලක්ද වැඩිපුර ගෙවන බවයි කමිටුවේදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ.

පියුමි හංසමාලි ගහපු ගේම මාට්ටු වෙයි?..පියුමිගේ හම සුදු කරන ව්‍යපාරයට රතු එළියක්..

පියුමි හංසමාලි ගහපු ගේම මාට්ටු වෙයි?..පියුමිගේ හම සුදු කරන ව්‍යපාරයට රතු එළියක්..


එසේම මෙම වංචාවට වගකිව යුතු නිලධාරීන් මේ වන විට, මෙරටේ නොමැති බවයි එහිදී අනාවරණය වී ඇත්තේ.

නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ, මෙම වංචාවට සම්බන්ධ පුද්ගලයන්ගේ නම් ලැයිස්තුව ඇතුළත් සවිස්තර වාර්තාවක් සති දෙකක් ඇතුළත ඉදිරිපත් කරන ලෙසට නිර්දේශ කළ කමිටුව අභ්‍යන්තර පරීක්ෂණවලට සමගාමීව සිද්ධිය ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද පැමිණිලි කරන ලෙසයි.

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස් වුණා.