මහවැලි, කළු, නිල්වලා සහ ගිං ගඟ ආශ්‍රිත ජනතාවට සහනයක් - ගංවතුර අනතුරු ඇඟවීම් ඉවත් කෙරෙයි

Report

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශය විසින් ප්‍රධාන ගංගා ද්‍රෝණි කිහිපයක් සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීම් ඉවත් කර ඇත .

අදාළ ගංගා ද්‍රෝණිවල ජල මට්ටම් මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්වීම හේතුවෙන් මෙම අනතුරු ඇඟවීම් ඉවත් කිරීමට පියවර ගත් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව මහවැලි ගඟ, කළු ගඟේ කුඩා ගඟ උප ද්‍රෝණිය, නිල්වලා ගඟ සහ ගිං ගඟ සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීම් මෙලෙස ඉවත් කර තිබේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ දිවයින පුරා පවතින වර්ෂාපතන තත්ත්වය සහ ගංගාවල ජල මට්ටම්වල සිදුවන වෙනස්කම් පිළිබඳව අඛණ්ඩව නිරීක්ෂණය කරන බවයි යළිත් ගංවතුර තත්ත්වයක් ඇති වුවහොත් ඒ පිළිබඳව කඩිනමින් පූර්ව දැනුම්දීම් සිදු කිරීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර තිබේ .

සැප්තැම්බර් 29 සිට කොළඹ බස් මංතීරු නීතිය තදින්ම ක්‍රියාත්මකයි- රෙගුලාසි කඩ කළොත් පොලිසියෙන් දැඩි නීතිමය පියවර

සැප්තැම්බර් 29 සිට කොළඹ බස් මංතීරු නීතිය තදින්ම ක්‍රියාත්මකයි- රෙගුලාසි කඩ කළොත් පොලිසියෙන් දැඩි නීතිමය පියවර

ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල සංශෝධනයක් - දැනට තියෙන ඉන්ධන මිල අඩුම මිලටත් වඩා අඩුවෙන් තියෙන්නේ - රජයට විශේෂ ඉල්ලීමක්

ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල සංශෝධනයක් - දැනට තියෙන ඉන්ධන මිල අඩුම මිලටත් වඩා අඩුවෙන් තියෙන්නේ - රජයට විශේෂ ඉල්ලීමක්