යක්කල නාමල්ගේ කුඩු බෙදූ දෙන්නෙක් මාට්ටු

By Mithu Sep 29, 2026 04:59 AM GMT
Report

කුලී ත්‍රීරෝද රථ රියදුරෙකු ලෙස පෙනී සිටිමින් 'යක්කල නාමල්' නමැති සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගෙන් ලබාගන්නා හෙරොයින් නාවලපිටිය, ගිනිගත්හේන සහ ගම්පොළ ඇතුළු ප්‍රදේශවලට බෙදාහැරීමේ නිරත වූ 38 හැවිරිදි ප්‍රධාන සැකකරුවෙකු සහ ඊට සහාය වූ 27 හැවිරිදි තරුණයෙකු නාවලපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නාවලපිටිය පොලිස් ස්ථානාධිපති කේ.එම්. කුලතුංග මහතාට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව නාවලපිටිය, ජයසුන්දර පාරේ පිහිටි ප්‍රසිද්ධ පාසලක් ආසන්නයේ ඇති සැකකරුගේ නිවස වටලා සිදුකළ සෝදිසියේදී හෙරොයින් මිලිග්‍රෑම් 2,450ක් සමඟ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මහනුවර හදිසියේ ගිලා බැසීමක් - 04 දෙනෙක් රෝහලේ

මහනුවර හදිසියේ ගිලා බැසීමක් - 04 දෙනෙක් රෝහලේ

මීට මාස හතරකට පෙර ප්‍රදේශයේ ප්‍රධාන මත්ද්‍රව්‍ය බෙදාහරින්නා අත්අඩංගුවට පත්වීමෙන් පසු, මෙම සැකකරු දින තුනකට වරක් කොළඹින් මත්ද්‍රව්‍ය රැගෙනවිත් ජංගම දුරකථන 'ලෝකේෂන්' (Location) තාක්ෂණය ඔස්සේ බෙදාහැර ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබේ.

ඒ සඳහා සාමාන්‍ය ගාස්තුවට අමතරව ගමන් වාරයකට රුපියල් 15,000ත් 20,000ත් අතර මුදලක් ඔහු ලබාගෙන ඇත. සැකකරුගෙන් කළ වැඩිදුර ප්‍රශ්න කිරීම් මත, මෙම ජාලයට සහාය වෙමින් නාවලපිටිය තැපැල් කාර්යාලය පිටුපස වෙළඳසැලක සහායකයෙකු ලෙස සේවය කළ 27 හැවිරිදි අනෙක් සැකකරු ද අත්අඩංගුවට ගෙන ඇති අතර නාවලපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

නාමල් රාජපක්ෂ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එයි

නාමල් රාජපක්ෂ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එයි