ත්‍රිකුණාමලය – හොරොව්පොතාන ප්‍රධාන මාර්ගය සසල කළ බිහිසුණු අනතුරක් - එකම පවුලේ සිව්දෙනාගෙන් එක් අයෙක් ජීවිතක්ෂයට - තිදෙනෙකුට බරපතළයි

Report

ත්‍රිකුණාමලය – හොරොව්පොතාන ප්‍රධාන මාර්ගයේ නොච්චිකුලම් ප්‍රදේශයේදී අද (29) දින අලුයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් තවත් තිදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බව වාර්තා වේ.

ඒ අනුව පොලීසිය පැවසුවේ, අද අලුයම 3.30ට පමණ සිදුවූ මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එකම පවුලේ සිව්දෙනෙකු ගමන් ගත් මෝටර් රථයේ සිටි 29 හැවිරිදි පුද්ගලයෙකු බවයි.

එසේම කටුනායක ගුවන්තොටුපළ වෙත ගොස් නැවත ඉරක්කකණ්ඩි බලා ගමන් කරමින් සිටියදී, මොරවැව පොලිස් වසමට අයත් නොච්චිකුලම් ප්‍රදේශයේදී රියදුරුට නින්ද යාම නිසා මෙසේ මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැනීමෙන් මෙම අනතුර සිදුව ඇති බව හෙළි වී ඇත.

මහනුවර හදිසියේ ගිලා බැසීමක් - 04 දෙනෙක් රෝහලේ

මහනුවර හදිසියේ ගිලා බැසීමක් - 04 දෙනෙක් රෝහලේ

මෙසේ අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වාලයූත්තු ප්‍රදේශයේ පදිංචි එන්. නිසාම් නමැති 29 හැවිරිදි පුද්ගලයෙක් බව සඳහන්.

තවද මියගිය පුද්ගලයාගේ බිරිඳ සහ පුත් උමර් හබීබ් සහ 19 හැවිරිදි සහෝදරයා තුවාල ලබා මහදිවුල්වැව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බව පවසයි.

අනතුරුව ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය මහ රෝහල වෙත මාරු කර යවා ඇති බවත්, සිද්ධිය සම්බන්ධයෙන් මොරවැව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බවත් සඳහන්.

අද සිට මේ නීතිය ක්‍රියාත්මකයි - උදෑසන 6 - 9 සහ පස්වරු 4 - 7 අතර මේ නීතිය කැඩුවොත් වැඩ වරදින බව දන්වයි

අද සිට මේ නීතිය ක්‍රියාත්මකයි - උදෑසන 6 - 9 සහ පස්වරු 4 - 7 අතර මේ නීතිය කැඩුවොත් වැඩ වරදින බව දන්වයි

ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල සංශෝධනයක් - දැනට තියෙන ඉන්ධන මිල අඩුම මිලටත් වඩා අඩුවෙන් තියෙන්නේ - රජයට විශේෂ ඉල්ලීමක්

ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල සංශෝධනයක් - දැනට තියෙන ඉන්ධන මිල අඩුම මිලටත් වඩා අඩුවෙන් තියෙන්නේ - රජයට විශේෂ ඉල්ලීමක්