ගුවන් ගමන් ප්‍රමාදයක් පිළිබඳව ගුවන්තොටුපළෙන් දැනුම්දීමක්

Report

ගුවන් පාලන පද්ධතිය ඇතිවූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ගුවන් ගමන් වාර කීපයක් ප්‍රමාද වී ඇත.

ඒ අනුව ඉන්දියාවේ නව දිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් පිටත්වන ගුවන් ගමන් වාර ගණනක් මෙලෙසින් ප්‍රමාද වී ඇති බවට වාර්තා වේ.

මේ හේතුවෙන් ගුවන් ගමන් පාලන කටයුතු සිදු කෙරුණේ MANUAL ක්‍රමයටය.

මේ වන විට ගැටලුව නිරාකරණය කිරීමට ගුවන් තොටුපොළ බලධාරීන් දැඩි උත්සාහයක නිරත විය.

ඉන්දියාවේ කාර්යබහුල ම ගුවන්තොටුපොළ ලෙස සැලකෙන නවදිල්ලි ගුවන් තොටුපොළ දිනකට 1,500 ඉක්මවූ ගුවන් ගමන් වාර සංඛ්‍යාවක් හසුරුවයි. පසුගිය සතියක පමණ කාලය තුළ එම ගුවන් තොටුපොළේ පාලන පද්ධතිය අවස්ථා කිහිපයකදීම ගැටලුවලට මුහුණ දී තිබේ.  

මාලිමාව අයවැය පරදී

මාලිමාව අයවැය පරදී

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා CIDයට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා CIDයට