ඉරාන නෞකාවේ සිටි නාවිකයන්ට පිහිට වුණේ සමුද්‍ර නීතිය අනුව - විජිත හේරත්
අනතුරට පත් ඉරාන නෞකාවේ මෙරට රැඳී සිටින නාවිකයින් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කටයුතු කරන්නේ එක්සත් ජාතීන්ගේ සමුද්‍ර නීතිය පිළිබඳ සම්මුතිය (UNCLOS) අනුකූලව බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කරයි.
ඒ අනුව ඔහු මේ බව පැවසුවේ ඉන්දියාවේ පැවැත්වෙන 11 වැනි රයිසිනා සමුළුවට සහභාගී වෙමින්ය.
වැඩිදුරටත් අමාත්‍යවරයා අවධාරණය කළේ, සමුද්‍රීය නීතියට අනුව මුහුදේදී අනතුරට පත් පුද්ගලයින් සහ නාවිකයින් බේරා ගැනීම, ඔවුන්ට මානුෂීය සහන සැලසීම සෑම රටකම වගකීමක් බවත්, ශ්‍රී ලංකාව මෙම මූලධර්මය මත පිහිටා කටයුතු කරමින් සිටින බවත්ය.
ඒ අනුව මෙමම තත්ත්වය මත ශ්‍රී ලංකාව මැදිහත්ව කටයුතු කරන බව ද සඳහන්.